Thursday 29 August 2013

දයාසිරි සිය නිවස ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ ණය ගෙවා ඇත.

RanjanDayasiri 410px 13 08 29සින්දු කියන අලියා ලෙස ප්‍රසිද්ධව සිට එජාපයෙන් ආණ්ඩුවට ගොස් එම පක්ෂයේ වයඹ මහ ඇමති අපේකෂකයාවී සිටින දයාසිරි ජයසේකරගේ මේ දිනවල අලුත්ම ගීතයවී ඇත්තේ 'අචලා පොල්ල ගෙනෙන් රෝසි මරන්න' බව එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ දයාසිරි මහතා පක්ෂය මාරුකළේ ගණුදෙනුවකට බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔහුගෙන් රුපියල් කෝටි 25ක් ඉල්ලා එවා ඇති එන්තර වාසිය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
දයාසිරිට තවත් මුදල් මදිවීම හේතුවෙන් ඇත්ත කියූ අහිංසක අපෙන් කෝටි 25 ගානේ කඩා ගැනීමට මේ එන්තරවාසිය එවා ඇති බවද රන්ජන් කීය.
කෙසේවවුද දයාසිරි කොටි 25ක් ගත්ත බව මුලින්ම කීවේ ඔහුගේ ගෙදර සිටි රෝස කැකුළ බවද ඔහු පැවසීය.
එය පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගතවන්නට ප්‍රකාශකළේ හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බවද කී රන්ජන් හරේන් පාර්ලිමේන්තුවේදී කීවේ පසුගිය 21 වැනිදා බවද සදහන් කළේය.
දයාසිරි සිය නිවස ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ ණය ගෙවා ඇති බවටත් මේ අතර රාවයක් තිබෙන බවද ඔහු කීය.
තමා දන්නා පරිදි දයාසිරිගේ පියා සුළු ව්‍යාපාරිකයෙක් බවත්, එසේම දයාසිරිද ව්‍යාපාරිකයෙක් නොවන බවත්, ඔහු කිසිදාක අධිකරණයේ නඩුවෙනුවෙන් කතා කළ නීතීඥයකු නොවන බවද පැවසූ රන්ජන්, දයාසිරි එක සැරේ කෝටිපතියෙක්වීමේ රහස සොයා බැලිය යුතුබවද පැවසීය.

No comments:

Post a Comment