Tuesday 27 August 2013

යාපනයේ මග දෙපස මල් - ඩලස්ට ගල්

j2

ඩලස් අලහප්පෙරැම ඇමතිතුමා නවනීදන් පිල්ලේ මහත්මියට ආරාධනා කළේ එන්න මල් පිපී දැයි බලන ලෙසය. නවනීදන් පිල්ලේ මහත්මිය එනතෙක් යාපනයේ මග දෙපස මල් පිපී තිබෙන ආකාරය  අප මෙසේ ඉදිරිපත් කරමු
නවනින්දම් පිල්ලේ මහත්මිය අද යාපනයේ සංචාරයක යෙදි සිටින්නිය. ඇය උදේවරුවේ සිටියේ යාපනය පුස්තකාල ගොඩනැගිල්ලේ රැස්විමකට සහභාගි වෙමිනි.
එකි රැස්විම් භුමිය කරා පැමිණිමට උත්සාහ කල අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමජිකයන් වලකාලිමට පොලිසිය බාධක යොදා උත්සාහ කළද කෙසේ හෝ ඒවා ඉවත්කරගනිම්නි පුස්තකාල ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණ ඥාතින් එක හඩින් විලාප දෙන්නට පටන් ගත්තේ අතුරුදහන් කළ තම අදරැතියන් ඉල්ලාය.
යාපනයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ ගැන කථා කිරිමට ජනතා නියෝජිතයන් සහ ගරු පියතුමන්ලා මේ වන පිල්ලේ මහත්මිය හමුව තිබේ.
ඔවුන් එනතෙක් ඥාතිහු පාරේ වාඩිලා බලා සිටිති.
පිල්ලලේ මැතිණියගේ යාපනය සංචාරයේදි ඇය විනාඩි 15 ක ්සදහා යාපනය සදහ මන්නරාමින් පැමිණි සිටි සිවිල් සංවිධාන නියොජිතයන් සහ ගරු පියවරුන් 15 දෙනෙකුව අද උදේ වරුවේ හමුව තිබුණි. මෙම හමුවේදි සිදුව තිබුණ විශේෂිතම සිද්ධිය වුයේ පිල්ලේ මැතිණිය විසින් මෙම නියෝජිත පිරිසට එක්ව තිබු වැලිකඩදි ඝාතනයට ලක්වු දේශපාලන සිරකරුවෙකු වු නිමලරූබන්ගේ මව බදාවැළදගෙන ඇය අස්වසා ලිමයි. ඒ සියළු දෑ ගැන ඇය සොයා බලන බව මෙම නියෝජිතයන් හමුවේ ඇය පොරොන්දු දි තිබුණාය.
j1


No comments:

Post a Comment