Thursday 22 August 2013

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව යළි අරඹයි

කන්කසන්තුරය සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්‌ථාව කටයුතු යොදා ඇත. එමගින් සෘජු රැකියා 300 ක්‌ ප්‍රදේශවාසීන්ට ලබාදීමටත් හැකි වන බව එහි සභාපතිවරයා සඳහන් කරයි.

කන්කසන්තුරය සිමෙන්ති කම්හල යළි ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 1500ක මුදලක්‌ ආයෝජනය කිරීමට ලංකා සිමෙන්ති සංස්‌ථාව කටයුතු යොදා ඇති අතර ඊට අදාළ මුදල ලංකා බැංකුවෙන් ලබා ගැනීමට නියමිතය.

ඒ අනුව වසරක්‌ ඇතුළත නව කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමටත් එමගින් දිනකට මෙටි්‍රක්‌ ටොන් 600 ක්‌ නිපදවීමටත් අපේක්‍ෂා කරන බව ලංකා සිමෙන්ති සංස්‌ථාවේ සභාපති එන්. එස්‌. එම්. සම්සුදීන් මහතා විසින් රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්දන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

No comments:

Post a Comment