Tuesday 27 August 2013

බිරිඳට බරපතළ ලිංගික අපයෝජනයක් කළැයි මන්ත්‍රී සැමියා අල්ලයි


බිරිඳට බරපතළ ලිංගික  අපයෝජනයක් කළැයි මන්ත්‍රී සැමියා අල්ලයි




තම බිරිඳට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් කොට්ටේ නාගරික මන්ත්‍රී දනුක විශ්වජිත් මහතා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය සැමියා විසින් වැලිකඩ බණ්ඩාරනායකපුර රාජගිරිය ප්‍රදේශයේ පිහිටි තම නිවසේදී තමාට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් සිදු කළ බව පවසා ඇය වැලිකඩ පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව වැලිකඩ පොලීසිය විසින් කොට්ටේ නාගරික මන්ත්‍රී දනුක විශ්වජීත් මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

No comments:

Post a Comment