Monday 26 August 2013

ජංගම දුරකථන සේවාවක් අල්ලේ නටවන කෙල්ලෝ !


SMSTyping 410px 13 08 19අනාගතය - අද යැයි කියන මෙරට දුරකථන ජාලයක් හරහා මල්ටි මීඩියා මැසේජින් සර්විස් නැත්නම් එම්.එම්.එස්. (Multimedia Messaging Service - MMS) සේවය ලබාගත් එම සමාගමේ සේවිකාවන් පිරිසකගේ තොරතුරු සොරා ගැනීම සම්බන්ධ සිද්ධියක් හෙළි නොකරන්නයි අදාල ආයතනයේ මානව සම්පත් ඒකකයට බැගෑපත්වීමට සිදුවීම නිසා එම සේවිකාවන් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
එම්.එම්.එස්. (Multimedia Messaging Service - MMS) සේවාව හරහා මෙම සේවිකාවන් සිය පෙම්වතුන් සමග හුවමාරුකරගත් නිරුවත් ජායාරූප පවා අදාල සමාගමේ දත්ත ගබඩාවේ රාත්‍රී සේවයේ නියුතු සේවකයන් විසින් සොරාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර ඔවුන්ගෙන් ලිංගික අල්ලස් හා මුදල් ඉල්ලීමක් නිසා මේ තත්ත්වය මතුවිය.
පසුව අදාල සමාගමේ සුරූපී සේවිකාවන් ඒ බව මානව හිමිකම් සම්පත් කළමනාකාර අංශයට දැනුම්දී ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස බලපෑම් කළ අතර එසේ නොකරන්නේ මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට දැනුම් දෙන බවට තර්ජනය කර තිබිනි.
ඒ අනුව ඔවුන් කරන ලද පරීක්ෂණයෙන් මෙම දත්ත සොරකම සිදුකර ඇත්තේ සිය සමාගමේම දත්ත ගබඩාවේ රාත්‍රී සේවයේ යෙදෙන සේවකයන් විසින් බව ඔවුන් තහවුරුකරගෙන ඇත.
ඉන් පසුව අදාල සේවිකාවන් විසින් සිය වැටුප් වැඩිකර ගැනීමේ සිට එම සමාගමෙන් ලබාගත හැකි සියලුම සැප සම්පත් මේවන විට පරිහරණය කරන බවද පැවසේ.
සමාගම් නීතිය අනුව එහි සේවිකාවන්ට වෙනත් ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි වුවද මේ සුරූපී සේවිකාවන් කිහිප දෙනාට අදාල නීතිය බල නොපාන්නේ ඔවුන් විසින් අදාල සිද්ධිය මූලික කරගෙන මානව සම්පත් ඒකකය බයවද්දාගෙන සිටින නිසා බව පැවසේ.
ඉදිරියේදී මේ සමාගම හා මෙලෙස බියවද්දාගෙන සිටින සුරූපිනියන්ගේ දත්තද ' හෙළිකරනු ලබයි.

No comments:

Post a Comment