Wednesday 28 August 2013

හමුදාව හංගා පිල්ලේව අන්දයි-----




  මරා හමුදාව හංගා පිල්ලේව අන්දයි-----

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.28, ප.ව.9.30) ශ්‍රී ලංකාවට පැමිණි නවිපිල්ලේ මහත්මියගේ අද(28) පැවැති නැගෙනහිර සංචාරයේදී ඇයව මුලා කිරීමට රාජපක්ෂ රෙජීමය කරන ලද උත්සාහයක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ ඊයේ(27) යාපනය සංචාරයක නිරත වීමෙන් අනතුරුව අද ඇය ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූවාය. සංචාරය අතරවාරයේ අතර මග හමුදාව රඳවා තිබූ කුඩා කුඩා හමුදා කඳවුරු සියල්ල ඉවත් කර එම කඳවුරු තුළට පොලීසියේ නිලධාරීන් අනුයුක්ත කර ඒවා පොලිස් ස්ථාන බව අඟවා තිබේ. මැදවච්චියේ සිට තිබූ මාර්ග බාධක සියල්ලද ඉවත් කර ඒවායේ සිටි 5 වන විජයබා රෙජිමේන්තුවේ සෙබලූන් ද ඉවත් කර ඇත කුඩා කුඩා කඳවුරු වල සහ මාර්ග බාධක වල සිටි සෙබළුන් 800 කට වැඩි පිරිසක් ත්‍රිකුණාමල හාබර් පොලීසිය හරහා අද මූතූර් හා සාම්පූර් හමුදා කඳවුරු වෙත පටවා යවා ඇත.

මෙසේ හමුදා මාර්ග බාධක සඟවා හමුදා කදවුරු තුලට පොලිසිය යොදමින් ඒකධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පාලනයක් ඇති බව පෙන්වීමටයි. 

නවිපිල්ලේ මහත්මිය මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකිරීමේ විශේෂ අත්දැකීම් ඇති තැනැත්තියක් ලෙස ඇය අවධාරණය කර සිටින්නේ තමා මේ රටට පැමිණියේ පසුගිය දශක තුනකට අසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට කවර පාර්ශවයකින් හෝ සිදුව ඇති මානව හිමිකම් පිළිබඳ උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බැලීමට මිස කවර පාර්ශවයකට වත් චෝදනා කිරීමට නොවන බවයි.

විශේෂයෙන් නැගෙනහිර එල්ටීටීඊ නායකයන් වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් බෞද්ධ භික්ෂුන් මරා දැමීම, දරුවන් පැහැර ගැනීම් පිළිබඳවද සොයා බලන ලෙස ත්‍රිකුණාමලය සිවිල් සංවිධාන එකමුතුව නම් සංවිධානයක් ඇය ගෙන් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.

ඇයගේ අද සංචාරයේදී පූර්ව සැලසුම් නොකළ හදිසි සාකච්ඡා දෙකකට සහභාගී වූවාය ඉන් එක් සාකච්ඡාවක් සිවිල් සංවිධාන කි්‍රයාකාරීන් සමගති්‍රකුණාමලයේ නිවාඩු නිකේතනයකදී පැවති අතර අනෙක් සාකච්ඡාව ති්‍රකුණාමලයේ පිහිටි මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේදී පැවත්විණ. එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන නීතීඥ ලෝගේෂ්වරන් පියතුමන් ඇතුළු මානව හිමිකම් කි්‍රයාකාරීන් සමග ඇය පැයකට පමණ ආසන්න කාලයක් සාකච්ඡා කළාය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම මධ්‍යස්ථානය වෙත පිවිසියේ ශ්‍රී ලංකා රජය විසින් ඇයට සපයා තිබූ ආරක්ෂක නිළධාරින් අදාල මධ්‍යස්ථානයේ පිටත රඳවමින්. එමෙන්ම මෙම සාකච්ඡා දෙකම ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ දුන්නේ නැත 
ශ්‍රී ලංකාවට පැමිණි නවිපිල්ලේ මහත්මියගේ අද(28) පැවැති නැගෙනහිර සංචාරයේදී ඇයව මුලා කිරීමට රාජපක්ෂ රෙජීමය කරන ලද උත්සාහයක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ ඊයේ(27) යාපනය සංචාරයක නිරත වීමෙන් අනතුරුව අද ඇය ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූවාය. සංචාරය අතරවාරයේ අතර මග හමුදාව රඳවා තිබූ කුඩා කුඩා හමුදා කඳවුරු සියල්ල ඉවත් කර එම කඳවුරු තුළට පොලීසියේ නිලධාරීන් අනුයුක්ත කර ඒවා පොලිස් ස්ථාන බව අඟවා තිබේ. මැදවච්චියේ සිට තිබූ මාර්ග බාධක සියල්ලද ඉවත් කර ඒවායේ සිටි 5 වන විජයබා රෙජිමේන්තුවේ සෙබලූන් ද ඉවත් කර ඇත කුඩා කුඩා කඳවුරු වල සහ මාර්ග බාධක වල සිටි සෙබළුන් 800 කට වැඩි පිරිසක් ත්‍රිකුණාමල හාබර් පොලීසිය හරහා අද මූතූර් හා සාම්පූර් හමුදා කඳවුරු වෙත පටවා යවා ඇත.


මෙසේ හමුදා මාර්ග බාධක සඟවා හමුදා කදවුරු තුලට පොලිසිය යොදමින් ඒකධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පාලනයක් ඇති බව පෙන්වීමටයි.


නවිපිල්ලේ මහත්මිය මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකිරීමේ විශේෂ අත්දැකීම් ඇති තැනැත්තියක් ලෙස ඇය අවධාරණය කර සිටින්නේ තමා මේ රටට පැමිණියේ පසුගිය දශක තුනකට අසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට කවර පාර්ශවයකින් හෝ සිදුව ඇති මානව හිමිකම් පිළිබඳ උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බැලීමට මිස කවර පාර්ශවයකට වත් චෝදනා කිරීමට නොවන බවයි.


විශේෂයෙන් නැගෙනහිර එල්ටීටීඊ නායකයන් වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් බෞද්ධ භික්ෂුන් මරා දැමීම, දරුවන් පැහැර ගැනීම් පිළිබඳවද සොයා බලන ලෙස ත්‍රිකුණාමලය සිවිල් සංවිධාන එකමුතුව නම් සංවිධානයක් ඇය ගෙන් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.


ඇයගේ අද සංචාරයේදී පූර්ව සැලසුම් නොකළ හදිසි සාකච්ඡා දෙකකට සහභාගී වූවාය ඉන් එක් සාකච්ඡාවක් සිවිල් සංවිධාන කි්‍රයාකාරීන් සමගති්‍රකුණාමලයේ නිවාඩු නිකේතනයකදී පැවති අතර අනෙක් සාකච්ඡාව ති්‍රකුණාමලයේ පිහිටි මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේදී පැවත්විණ. එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන නීතීඥ ලෝගේෂ්වරන් පියතුමන් ඇතුළු මානව හිමිකම් කි්‍රයාකාරීන් සමග ඇය පැයකට පමණ ආසන්න කාලයක් සාකච්ඡා කළාය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම මධ්‍යස්ථානය වෙත පිවිසියේ ශ්‍රී ලංකා රජය විසින් ඇයට සපයා තිබූ ආරක්ෂක නිළධාරින් අදාල මධ්‍යස්ථානයේ පිටත රඳවමින්. එමෙන්ම මෙම සාකච්ඡා දෙකම ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ දුන්නේ නැත
 

No comments:

Post a Comment