Sunday 25 August 2013

කැෆේ සංවිධානයෙ අධ්‍යක්ෂ මණ්ඩලය කව්ද........? මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්ද....? හෙළි කරන්න

කැෆේ සංවිධානය ආරම්භ කරන ලද කීර්තිමත් පුද්ගලයන් කිසිවෙක් දැන් එහි නැත. නීතිඥ එස්.ජී.පුංචිහේවා, නීතිඥ නිමල්කා ප්‍රනාන්දු, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, සේනක වත්තේගෙදර ආදී පුද්ගලයන් මේ කැෆේ විධායක අධ්‍යක්ෂ යැයි කියා ගන්නා කයිවාරු කාරයාගේ දෙපිටකාට්ටු ඩබල් ගේම් නිසා එම සංවිධානයේ අධක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ගොසිනි. දැන් ඉන්නේ කුමන අධ්‍යක්ෂ වරුන්දැයි කිසිවෙක් නොදනී. ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ අධ්‍යක්ෂ මණ්ඩලය කව්දැයි හෙළි කර නැත.

මේ වන විට සම්පූර්ණයෙන්ම විධායක අධ්‍යක්ෂ යැයි කියාගන්නා කයිවාරුවාගේ ඒක පුද්ගල රංගනයක් වී ඇති කැෆේ සංවිධානය ආණ්ඩුවේ රූකඩයක් වී අහවරය. ඊට එක් සාධකයක් නම් පසුගියදා දයාසිරි ජයසේකර ආණ්ඩුවට බල්ටිය ගැසූ අවස්ථාවේදී කැෆේ සංවිධානය ප්‍රවෘත්තියක් ලෙස මාධ්‍ය ආයතන වෙත යවා තිබුනේ දයාසිරි සමග තවත් මන්තී්‍රවරුන් 5 දෙනෙක් ආණ්ඩුවට එක්වන බවයි. තවමත් ඒ 5 දෙනා නම් ගියේ නැත. අනෙක් පසින් එවැනි ප්‍රවෘත්ති පළ කිරීම සාධාරණ මැතිවරණයක් සඳහා යයි කියා ගන්නා මැතිවරණ නිරීක්ෂන ව්‍යාපාරයකට අදාලද නොවේ. තවත් වරෙක එක්දින සංඛේත වැඩ වර්ජනයක් රටේ ක්‍රියාත්මක කළ අවස්ථාවේ දී මේ කයිවාරු කැෆේ කාරයා ප්‍රචාරයක් ගෙන ගියේ රනිල් ගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ සරසවි ආචාර්ය වරිය රැකියාවට ගිය බවයි. එය ආණ්ඩුවේ දිණමින පුවත්පතේ මුල්පිටුවේ ප්‍රවෘත්තියක් ද විය. පසුව වික්‍රමසිංහ මහත්මිය එය ප්‍රතික්ෂේප කළා පමණක් නොව සරසවි ආචාර්යවරුන්ගේ සංගමයද එය ප්‍රතික්ෂේප කළේය. මේවා මැතිවරණ නිරීක්ෂනයට අදාල නොවන ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටු කරන දේශපාලනික ක්‍රියා ය. අද මාධ්‍ය හමුවක් පවත්වා පවසා ඇත්තේද එවැනිම ආණ්ඩුවේ කොන්ත්‍රාත් කතාවකි.

මෙවැනි වංචාකාර කයිවාරු කාරයන්ට ඩොලර් කුට්ටි ගණන් ගෙවන යූඑස් ඒඩ් වැනි රාජ්‍ය නොවන සංවිධානද තමන් සල්ලි දෙන්නේ කුමකටදැයි මීට වැඩිය සොයා බැලිය යුතුය. මන්ද මොවුන් මැතිවරණ නිරීක්ෂනයට යැයි කියා විදේශ සංවිධාන වලින් මුදල් ගරා ගන්නා ගමන් රාජපක්ෂ රෙජීමයෙන් ද අතයට මුදල් ලබා ගනිමින් රෙජීමයට අවශ්‍ය දෑ වක්‍රව පමණක් නොව ඍජුවම ද ඉටු කරන නිසා ය.

No comments:

Post a Comment