Monday 26 August 2013

ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලැබු නියෝජ්‍ය නගරාධිපති ?


පසුගිය සඳුදා නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනවිරත්න මහතා අත්අඩංගුවට ගැනිම සඳහා විවෘත වරෙන්තුවක්  නිකුත් කර තිබුණි.
ඒ අනුවළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින නුවරඑළිය  නියෝජ්‍ය නගරාධිපති සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් කෙරිණ.
සැකකරු අද (26) පෙරවරුවේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වී ඇති අතර එහිදී මහේස්ත්‍රාත් ඒ.ජී. සම්පත් හේවාවසම් මහතා ඔහුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර රිමාන්ඩ් කිරීමට නියෝග කැර තිබේ.
සැකකරු විසින් අපයෝජනයට ලක් කළ බව කියන පිරිමි ළමුන් පස් දෙනෙකු ද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ.

No comments:

Post a Comment