Wednesday 28 August 2013

හලාවත මුහුදෙන් අභිරහස් කන්ටේනරයක් මතුවේ...!

seaගැඹුරු මුහුදේ තිබී හමුවී ඇති බව කියන විශාල ප්‍රමාණයේ කන්ටේනරයක් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට යොදා ඇති බව නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුල මහතා පැවසීය. ඊයේ(27) සවස හලාවත - කරුකුපනේ ධීවර ගම්මානයට බටහිර දෙසට වන්නට ගැඹුරු මුහුදේ තිබී මෙම කන්ටේනරය ධීවරයින්ට හමුවී ඇත.පසුව මේ බව මුහුදේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි නාවුක හමුදාවේ නිළධාරීන්ට ධීවරයින් විසින් දන්වා ඇත.හමුවී ඇති කන්ටේනරයේ වාට්ටල් (මුහුදු බෙල්ලන්) පවා දක්නට ඇති බව එය දුටු බව කියන ධීවරයින් පවසයි.
පසුව එය කුඩා ප්‍රමාණයේ බෝට්ටු (ඩිංගි) යොදා ගෙඩ බිමට ගෙන ඒමට නාවුක හමුදාවේ නිළධාරීන් කටයුතු කර ඇතත් එය අසාර්ථක වී ඇත. මෙම තත්ත්වය නිසා ගැඹුරු මුහුදේ තිබෙන කන්ටේනටරය ඉවත් කිරීම සදහා ඩෝරා යාත්‍රාවක් යොදා ගන්නට නාවුක හමුදාව කටයුතු කර ඇත. මුහුදේ තිබෙන මෙම කන්ටේනරයේ ඇත්තේ කුමක්ද යන්න තවමත් ප්‍රකාශ කළ නොහැකි බවත්,ඉතා ඉක්මනින් එය මුහුදින් ඉවත් කිරීම පළමු කාර්ය වී ඇති බවද කෝසල වර්ණකුල මහතා පැවසීය.

මේ අතර හලාවත - කරුකුපනේ සිට මුතුපන්තිය දක්වා වු මුහුදු තීරයේ තිබී ඔරලෝසු, බෑග් ඇතුළු භාණ්ඩ රැසක් පසුගිය සතියේ එම ප්‍රදේශ වල ධීවරයින්ට හමුවී තිබුණි.

No comments:

Post a Comment