ගල්කිස්ස පොලිසියේ බුද්ධි තොරතුරු අංශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිනි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ රත්මලාන ඥානේන්ද්‍ර පාරේ පදිංචි තරුණයකි.
රත්මලාන ප්‍රදේශයේ නිවෙස්වල එළිමහනේ රෙදි වැලවල්වල වේළීමට දමා ඇති කාන්තාවන්ගේ යට ඇඳුම් කලක සිට අතුරුදන් වන බවට ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි අනුව පොලිස් බුද්ධි අංශය විසින් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිනි.
ඒ අනුව ඔවුන් විසින් මේ පිළිබඳ ගල්කිස්ස පොලිසියේ බුද්ධි තොරතුරු අංශයට පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත විදුලි කාර්මිකයකුගේ නිවෙසක ආරක්ෂිත කැමරාවක් සවිකර තිබේ.
මෙම සැකකරු රාත්‍රි කාලයේ නිවෙස්වලට ගොස් කාන්තා යට ඇඳුම් සොරකම් කරන ආකාරය සහ ඒවා ඔහු විසින් ස්පර්ශ කර සිපගන්නා අයුරු සටහන් වී තිබීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිනි.
No comments:
Post a Comment