Wednesday 21 August 2013

ආණ්ඩුව පොහොර සහනාධාර 60%කින් කපන්න හදනවා. - ගොවි සංවිධාන පවසති.



 
පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදුන් පොහොර ප්රමාණය සියයට 60කින් ඉදිරියේ දී කප්පාදු කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බව ගොවි සංවිධාන පවසති. ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ සඳහා දැනටමත් ආණ්ඩුව චක්රලේඛයක් නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ වසර මුලදී පොහොර සහනාධාරය සියයට 30කින් කප්පාදු කළ බවත් එය තවත් සියයට 30කින් වැඩි කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇති බවත් පෙන්වා දෙන ගොවි සංවිධාන සඳහා අවශ් මූලික කටයුතු සියල්ල මේ වන විට සිදුකර අවසාන බවද කීවේය.

එසේ පොහොර සහනාධාරය කප්පාදු කළහොත් ඊට ගොවීන්ගෙන් එන විරෝධය වැළැක්වීම සඳහා පසුගිය කාලයේ ආණ්ඩුව විවිධ ක්රියාමාර්ග ගත් බවත් රසායනික පොහොර පොළොවට යෙදිය යුතු ප්රමාණය අඩුකළ යුතු බවට මතයක් ආණ්ඩුව නිර්මාණය කළේ එහි ප්රතිඵලයක් ලෙස බවත් ගොවි සංවිධාන චෝදනා කරති.
රසායනික පොහොර භාවිතය විවිධ රෝගවලට හේතුවක් නම් කළ යුතු වන්නේ එවැනි රෝගවලට හේතුවන රසායනික පොහොර වර්ග ආනයනය නතර කිරීම බව කියන ගොවි සංවිධාන එසේ කරන්නේ නම් ඊට විකල්පයක් හඳුන්වා දිය යුතු බවද සඳහන් කළේය.

මෙසේ කොටස් වශයෙන් පොහොර ප්රමාණය කප්පාදු කිරීම මඟින් රජය සූදානම් වන්නේ පොහොර සහනාධාරය ගොවීන්ගෙන් සම්පූර්ණයෙන්ම කපාදැමීමට බවද ගොවි සංවිධාන චෝදනා කරති.

මේ සම්බන්ධව කෘෂිකර්ම අමාත්යංශයේ ලේකම් ඩබ්ලිව්. සකලසූරිය මහතාගෙන් "මව්බිම" විමසූ විට ඔහු පැවැසුවේ එවැනි තීරණයක් රජය ගෙන නොමැති බවයි. ඉදිරි කන්නයේ සිට සහනාධාරය යටතේ ලබාදුන් පොහොර ප්රමාණය පසුගිය කන්නයේ ලබාදුන් පොහොර ප්රමාණයට වඩා සියයට 10ත් 15ත් අතර ප්රමාණයකින් වැඩිපුර ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවද සකලසූරිය මහතා වැඩිදුරටත් කීය.

No comments:

Post a Comment