Thursday 22 August 2013

'ලංකා ඊ නිව්ස්' කර්තෘ ජනතාව අමතයි !

මරණ තර්ජන හමුවේ, ජිවිත ආරක්ෂාව සඳහා රටින් බැහැරවී සිටින  'ලංකා ඊ නිව්ස්' කර්තෘ සඳරුවන් සේනාධීර මහතා, අද (22) කොළඹදී පැවති 'සම්මුතිකවාදී මහජන ගිවිසුම' අත්සන් කිරීමේ ජන හමුව ඇමතිය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින  'සමගි බලවේගයේ' පාර්ශවකරුවකු ලෙස තමන්ද එක්වන බව  'ස්කයිප්' තාක්ෂනය ඔස්සේ එම ජන හමුව අමතමින් පැවසු සඳරුවන් මහතා, මෙසේ සඳහන් කළේය.

''  දේශපාලන පක්ෂ නායකවරුනි, මිත‍්‍රවරුනි,  රටින් පිටව සිටින මාධ්‍යවේදීන් ලෙස අද 'සමගි බලවේග' ලෙස එකතු වීමට අවස්ථාවක් ලබාදීම ගැන අප පලමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා  සතුටු වෙනවා
මේ වන විට ශ‍්‍රී ලංකාව යටත් කර ගෙන සිටින මැදමුලන චෞර මිනීමරු රෙජිමය පලවා හැරීමට තියෙන එකම මාර්ගය සමගි වීම පමණයි. අපගේ මාධ්‍ය දත්ත අනුව අපට පෙනී යන දත්ත අනුව අපට පෙනී යන දෙය නම්, ශ‍්‍රී ලංකාවේ  මේවනවිට  ජනමතය 50%කට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ  චෞර  මිනීමරු රෙජිමයට විරුද්ධව තිබෙන බවයි.
 නමුත් ඔවුන්  සතු කර ගෙන තිබෙන මාධ්‍ය අධිකාරීත්වය මත ඔවුන් නිතරම ජනතාව මත පටවන්නේ විපක්‍ෂය සමගි නෑ විපක්‍ෂය දුර්වලයි දුර්වලයි  යන මන්තරය.   ඒක අනුව මිනිස්සු  හිතාගෙන ඉන්නවා විපක්ෂයට මේ  පාලක රෙජිමය හොලවන්න මැරි මහා ගල්කුලක් කියලා

 නමුත් එහෙම දෙයක් නෑ. මේකට  තියෙන එකම විකල්පය සමගි වීම පමණයි. විපාක්ෂිකයා සමගි වීම පමණයි.

ඒ අනුව අප රටින් පිටව සිටින ජනමාධ්‍යවේදීන් ලෙස තීන්දු කළා, මේ  සමගි බලවේගය සමග එකතු වෙන්න. අපට රටින් පිටවීමට සිදුවූයේ අපගේ මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම,  අපගේ මාධ්‍යවේදීන්ගේ අතපය කඩා දැමීම,  හිරේ  වැලංගුවේ  දැමීම, මරා දැමීම,  මාධ්‍ය ආයතන ගිනි තැබීම යන දහසකුත් එකක් මර්දනකාරී මිනීමරු ක‍්‍රියා මේ  පාලන,  මේ  පාලක රෙජිමය විසින් අප හිස මත පැටවීම නිසයි.

රට ඇතුලේ සිටින ජනතාවට මෙන්ම, රටින් පිටව සිටින ජනමාධ්‍යවේදීන් වන අපට,  රට තුළට නැවත පැමිණ ප‍්‍රජාතන්ත‍්‍රිව අපගේ මාධ්‍ය කර්තෘව්‍ය කරගෙන යෑමට අවශ්‍යයි. ඒ නිසා මේ  මිනීමරු චෞර පාලක රෙජිමය ලංකාවෙන් අතතුගා දැමිමට මේ  සමගි බලවේගයට හැකිවේවා  යන්න අපේ ප‍්‍රාර්ථනයයි.  ඒ සඳහා ශක්තිය ලැබේවා,   ධෛර්ය ලැබේවායි  මා ප‍්‍රාර්ථනා කරනවා''

No comments:

Post a Comment