Monday 26 August 2013

ශානිට තර්ජනය කරාට වාස් යළි රිමාන්ඩ් !

vass 410px 01-08-13හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රහස් පොලීසියේ සහකාර අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුවකට ඒ මහතා ලබන සැප්තැම්බර් 4 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
පොලිස් විශේෂ අංශයේ ස්ථානයේ ස්ථානාධීපති සී ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා අදාල පැමිණිල්ල ඉදිරිපත්කරමින් අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ඇති බවයි.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වද්දී හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා මෙසේ තර්ජනය කළ බවද එහි දැක්වේ.
වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ සාක්කි නැතුව මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන දැන් නඩු පටලවා සාක්කි සොයන බවයි.
පොලීසිය එවැනි දේ නොකරන බව පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා පැවසීය.

No comments:

Post a Comment