Thursday 29 August 2013

මානව හිමිකම් සොයන්න නවිපිල්ලේ ගොඩබහිද්දී දේශප්රෙරමී කාඩ්බෝඩ් මීයන් දැන් හැංගිලා - හම්බන්තොට දිස්ත්රිකක් එ.ජා.ප. මන්ත්රිඩ සජිත් ප්රෙේ්මදාස



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය මෙරටට පැමිණෙන විට ආණ්ඩුවේ සිටින කාඩ්බෝඩ් දේශප්‍රේමීන් මීයො වගේ හැංගිලා යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ස්වයං රැකියා සඳහා කාන්තාවන් 200 දෙනකුට පොලී රහිත ණය ලබාදීම නිමිත්තෙන් අඟුණුකොළපැලැස්ස දෙබොක්කාවේදී පැවැති රැස්වීමකදී මන්ත්‍රිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
අද මේ රටේ ප්‍රධානතම මාතෘකාව නවනීදන් පිල්ලේ මහත්මියගේ මෙරට ආගමනයයි. ඇයගේ පැමිණීම අපේ රටට සිදුවන විශාල හානියක් ලෙස මම දකිනවා. ඇය ආවේ අපේ රට පිළිබඳ පූර්ව නිගමනයක් ඇතිව ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් හදන්නයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බළල් අතක් ලෙස දෙමළ ඩයස්පෝරාවේ ඕනෑකමට අපේ රණවිරුවන් තිස් වසරක යුද්ධය නිමා කරන විට යුද අපරාධ සිදුකළ බව කියන්නයි පිල්ලේ මහත්මියට ඕනෑ වෙලා තියෙන්නේ. මා මේ ආණ්ඩුවේ ජඩ වැඩ බරපතළ ලෙස විවේචනය කළත් රටට ආදරය කරන දේශපාලනඥයෙක් විදියට නවනීදන් පිල්ලේ මහත්මියගේ පැමිණීම අනුමත කරන්නේ නැහැ.

ආණ්ඩුවේ සිටින කාඩ්බෝඩ් දේශප්‍රේමීන් එදා පිල්ලේ මහත්මියට එරෙහිව රැස්වීම් පවත්වමින් උද්ඝෝෂණය කරමින් කෑ ගැසුවා. ඒ කාඩ්බෝඩ් වීරයන් අද නිහඬ වෙලා ඉන්නේ ඇයි? පිල්ලේ මහත්මියට මෙරටට පැමිණීමට අවශ්‍ය වටපිටාව හදාදුන්නේ මේ ආණ්ඩුවයි. ගුවන් තොටුපොළේ සිට රතු පලස එළා පිළිගෙන ඇයට රට පුරා යන්න ආණ්ඩුව ඉඩ දුන්නා. නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට එන්නේ මේ රටට ආදරයකින් නොවේ. අපේ වීරෝදාර රණවිරුවන් යුද අපරාධකාරයන් විදියට යුද අධිකරණයට ගෙන යෑමේ කොන්ත්‍රාත්තුව ඉෂ්ට කරන්නයි ඇය ලංකාවට ඇවිත් තිබෙන්නේ.

No comments:

Post a Comment