පසුගියදා තිබුණු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ප්‍රශ්නයක්
අහලා තියෙනවාලු ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මොකක්ද කියලා. මේ
මත්තල කියලා උත්තරේ ගන්න හදන්නේ. මත්තල ගන්න බෑනේ. මත්තලට ගුවන් යානා
එන්නේ නෑනේ. හම්බන්තොට පැත්තේ ළමයි නම් ඕකට උත්තර ලියන්නේම නෑ. ඒ
ළමයි දන්නවනේ මේකට ගුවන්යානා එන්නේ නෑ කියලා.
ඔය ප්‍රශ්නය අහන්න ඕන ලංකාවට ගුවන් යානා එන්නේ නැති
ගුවන්තොටුපොළ මොකක්ද කියලා. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම
ලියනවා උත්තරය. ආණ්ඩු හිතවාදී
ගුරුතුමියක්
ඉන්නවා නම් ඔය ප්‍රශ්නය උගන්නාවි. ඔය ප්‍රශ්නය විවාදාත්මකයි. සිලබස් එකේ උගන්වපු නැති ප්‍රශ්න දාපු එකට ආණ්ඩුව වගකීම
භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති
මහතා පැවැසීය.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ හදන මාමලා දේශපාලන මාමලාගෙන්
ලකුණු දාගන්න දරුවන්ගේ ලකුණු කපා දමමින් සිටිනවා යැයි ජනතා විමුක්ති
පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ
කරයි.
පහ වසර ශිෂ්‍යත්ව කඩයිම දැන් ළමයින්ගේ අනාගතය, ජීවිතය තින්දු කරන තීරණාත්මක විභාගයක් බවට පත්කර ඇතැයිද හෙතෙම පවසයි.
No comments:
Post a Comment