Thursday 22 August 2013

තට්ටු මාරු දේහපාලනයට අභියොග කිරීමට ඡන්දදායකයා බයයි – SF


මෙරට දේශපාලනඥයින් සියයට 99 කගේම ඇත්තේ පුද්ගලික න්‍යාය පත්‍ර බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි. ඊයේ (21) දඹුල්ලේ පැවති ජනහමුවක් අමතාමින් ෆොන්සේකා මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ එදා සිට අද දක්වා එකම තාලයට වැඩ කරන පක්ෂවලට ඡන්දය දී මෙරට ජනතාව හෙම්බත් වී සිටින බවයි.
තට්ටු මාරු දේහපාලනයට වහල් වනවා මිස ඊට අභියොග කිරීමට මෙරට ඡන්දදායකයා බියවී සිටි බවද හිටපු යුධ හමුදාපතිවරයා මෙහිදී පැවසීය. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපය එකතුවී මෙම මානසිකත්වය රටේ ගොඩනැගූ බව ද ෆොන්සේකා මහතා කියයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ප්‍රශ්න තේරුම් නොගන්නා පාලක පන්තියක් බිහිවී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ දේශපාලනඥයින් දිගටම මේ රට ගෙනගියහොත් ජීවත්වීමට රටක් ඉතුරු නොවන බව ද ඒ මහතා අවධාරණය කළේය. එබැවින් එක්සත්ව මෙම තට්ටු මාරු දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට නැගී සිටිය යුතු බවද ෆොන්සේකා මහතා මෙහිදී පෙන්වාදී තිබේ.

No comments:

Post a Comment