Sunday 25 August 2013

ඔබගේ මෙම පිටුව මගින් අපගේ ජාතික උරුමයන් විනාශ කිරීම සම්බන්ධයෙන් කරන හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හා ඔබගේ සිංහලකම සම්බන්ධයෙන් අපගේ උත්තමාචාරය හිමිවෙනවා.



  1. ආයුබෝවන්,

    ඔබගේ මෙම පිටුව මගින්  අපගේ ජාතික උරුමයන් විනාශ කිරීම සම්බන්ධයෙන් කරන හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හා ඔබගේ සිංහලකම සම්බන්ධයෙන් අපගේ උත්තමාචාරය හිමිවෙනවා.

    කෙසේ වෙතත් මෙම විනාශය ගැන මේ වන විටත් අප සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට හා ජනපති තුමන්ට පවා දැනුම් දී එයට විරුද්ධව කටයුතු කරගෙන යනවා. මේ වන විටත් අප මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හා ජනපති තුමාට ලිපි කිහිපයක්ම යොමු කොට අවසන්. මීට මාස 8කට පමණ පෙර අප ගුරුතුමන් හා අප කණ්ඩායම සංස්කෘතික අමාත්‍යාංශයට ගොස් මේ පිළිබඳව ටී. බී. දිසානායක ඇමතිතුමාට දන්වා තිබෙනවා. නමුත් අවාසනාවකට මේ පිළිබඳව තවමන් ධනාත්මක යමක් සිදුවී නොමැති වීම ජාතියේ අවාසනාවකි.

    ඔබගේ දැනගැනීම පිණිස-
    මෙය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අංගම්පොර සම්මේලයන (සිව්හෙල අංගම් කලා සම්මේලනය) විසින් සිදු කරන ලද්දක්. මෙ සම්මේලනයට අපගේ කිසිදු සම්බන්ධතාවක් නැත. අප හැර අනෙකුත් අංගම්පොර යයි කියා ගන්නා චීනඩි ශිල්පීන් බොහෝමයක් මෙම සම්මේලනයේ සිටිනවා.

    ඔබට ජය.

    මෙයට,
    බණ්ඩාර.
    ඇඟේ මැඩිල්ල රණපිල
    කොරතොට - කඩුවෙල.

No comments:

Post a Comment