Wednesday 28 August 2013

ගැහැලිවලට මම බය නැහැ,ආසයි - අනර්කලී



මම විවාහ වෙන්නේ නැහැ.
කොහොම ද මේ දවස්වල වැඩකටයුතු?
අලූත් චිත‍්‍රපටයකට දායක වුණා. දේශපාලන වැඩ, ව්‍යාපාරික කටයුතු හැමදේම කරගෙන යනවා.

දැන් නිතර දකින්න නැත්තේ ඇයි?
මුල් කාලේ නම් මට ලැබුණු නිර්මාණවලින් මම ආස දේවල් මම කලා. දැන් නම් ආස වුණත් ටිකක් තෝරාලා තමයි වැඩ කරන්නේ.
ඒ විදියට තේරිම් කරන්නේ අනර්කලීගෙම කැමැත්තට?
මට අම්මා. තාත්තාගෙන් උදව් ලැබෙනවා. ඒ නිසා මගේ කැමැත්තට තමයි වැඩිපුර ඉඩ දෙන්නේ.

අනර්කලි වැඩිපුර කැමැති සිනමාවට ද?
මම හිතන්නේ සිනමාව සදාකලිකයි. ටෙලි නාට්‍ය ඉවර වුණාම ගොඩක් වෙලාවට ඒ ටෙලි නාට්‍යය ගැන ආපසු කතා කරන්නේ නැති තරම්. ඒත් සිනමාව එහෙම නැහැ. කාලයක් ගත වුණාට පස්සේත් සිනමා නිර්මාණ ගැන කතා කරනවා. ඒ නිසා සිනමාව එක්ක ඉන්න මම කැමැතියි.
ඒත් පසුගිය කාලේ සීනමාවට ලොකු තැනක් තිබුණේ නැහැනේ?
සිනමාව රැකෙන්න නම් හොඳ නිර්මාණ කරන්න ඕන. අලූත් දේවල් එක්ක ඉස්සරහට යන්න ඕන. ඒ විදිය දේවල් හැමදාම දකින්න බැරි වෙන්න පුළුවන්. ඒත් සිනමාව ගැන හැමදාම හැමෝම කතා කරනවා.
anarkali-akarsha-photos-5අනර්කලි ජනප‍්‍රියයි?

මම හිතන්නේ මම ලොකු පිනක් කරලා තියෙනවා. මට ලැබෙන ප‍්‍රතිචාර නිසා මට හිතෙනවා මිනිස්සු මට ආදරෙයි කියලා. මිනිස්සු මට ආදරෙයි කියන්නේ මම ජනප‍්‍රියයි කියන එකනේ. ඒ ගැන මට නිහතමානීව ආඩම්බරයක් තියෙන්නේ. සම්මානවලට වඩා ඒ ලැබෙන ආදරේ හරි වටිනවා.
දේශපාලනයට සම්බන්ධ වුණු එක ගැන සතුටුයි ද?

අපේ රටේ යුද්දේ තිබුණු කාලයේ මට පුළුවන් වුණා නිලියක් විදියට මිනිස්සුන්ගේ හිත්වලට පොඩි හරි සතුටක් දෙන්න. අද රට නිදහස් වුණාට පස්සේ මට පුළුවන් වෙලා තියෙනවා උදව් කරලා මිනිස්සුන්ගේ හිත් ෂතුටු කරන්න. ඒ ගැන හිතද්දි මට සතුටුයි.

දේශපාලනයට ආවට පස්සේ අනර්කලි වෙනස් වුණාද?
මම නිලියක් වෙලා ඉන්නකොට මම දැන ගෙන හිටපු නැති ගොඩක් දේවල් දේශපාලනයට ආවට පස්සේ මම දැන ගත්තා. මිනිස්සුන්ගේ දුක් කරදර මම තේරුම් ගත්තා. ඒ දේවල් එක්ක මම ඒ මිනිස්සු අතරට ගියා. ඒක තමයි ඉතිං වෙනස.
කතා හැදෙද්දි අනර්කලි ඒ කතා ගණන් නොගෙන හිටියේ කොහොමද?
මට කට කතා වලට මඩ ගැහැලිවලට ම මබය නැහැ. මම දන්නවා මම කවුද කියලා. මගේ ළඟ ඉන්න අයත් දන්නවා මම කවුද කියලා. ඒ නිසා ඒ කතාවලින් මාව වට්ටන්න බැහැ. මගේ ජිවිතේ හරි විවෘතයි. ගොඩක් දෙනෙක් නොදන්නවාට ගැහැණු හිත් හරි හයියයි. මටත් තියෙන්නේ හයිය හිතක්. ඒ නිසා කාටවත් බෑ මගේ ජිවිතේට ප‍්‍රශ්ණ ඇති කරන්න.
නිවේදිකාවක් විදියට ලැබෙන ප‍්‍රතිචාරය?Anarkali-Akarsha-latest-photo-02
වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් මට හිතෙනවා නිවේදිකාවක් විදියට මගේ වැඬේ මම හරියට කරනවා කියලා. ගොඩක් අයගෙන් හොඳ ප‍්‍රතිචාර තියෙනවා. ඒ ගැන සතුටුයි.

අනර්කලිව අනුකරණය කරන අය ඉන්නවා නේද?
කවුරු කොහොම අනුකරණය කළත් සාර්ථක වෙන්න බැහැ. මාව අනුකරණය කරන්න ගිහින් අසාර්ථක වෙන නිසා තමයි ඒ අය මාව අනුකරණය කරනවා කියලා දැනෙන්නේ.
වැඩ ගොඩක් අතරෙන් ලස්සනට ඉන්නේ කොහොමද?
මම කවදත් ලස්සනට ඉන්න ආසයි. ඒ නිසා මගේ පෙනුම රැක ගන්න මට කරන්න පුළුවන් දේ මම කරනවා. වැඩ වැඩි වුණා කියලා පෙනුම අමතක කරන්න බැහැනේ.
දේශපාලනයට ආවට පස්සේ අනර්කලි විලාසිතාවලට සිමාවක් දා ගත්තාද?
මම හැමදාම විලාසිතා තෝරා ගත්තේ තැනට ගැලපෙන විදියට. ඒ විලාසිතා තෝරා ගැනීම්වල අදටත් වෙනසක් නැහැ.
අනර්කලි ඇයි විවාහ නොවන්නේ?
මම හිතන්නේ විවාහය කියන්නේ මගේ ජිවිතේට වුවමනා දෙයක් නෙමෙයි. ඒ නිසා මම විවාහ වෙන්නේ නැහැ.
එහෙම තීරණයක් ගත්තේ කලකීරිමෙන් ද?1318259334966

මට තියෙන වැඩත් එක්ක පෙම්වතෙකුට සැමියෙකුට වෙන් කරන්න කාලයක් මට නැහැ. මේ වැඩත් එක්ක මම විවාහ වුණොත් මගේ විවාහය අනිවාර්යෙන්ම අසාර්ථක විවාහයක්. මම විවාහ නොවෙන්නේ වැඩ වැඞී නිසා මිසක් කලකිරීලා නෙමෙයි.
ජිවිතේ තනිකමක් දැනෙන එකක් නැද්ද?
මට ආදරය කරන ගොඩක් මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ අයගේ ආදරය ලැබෙද්දි මට තනිකමක් දැනෙන එකක් නැහැ. අනික් මම කලිනුත් කිව්වානේ මගේ හිත හයියයි.
සාකච්ඡා කලේ - නෙලූෂා සිල්වා
උපුටා ගැනීම – රිවිර මීවීත


No comments:

Post a Comment