දකුණු අප්‍රිකා කණ්ඩායමේ මෙරට එක්දින
සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ නම් කරනු ලැබුවේය. ඒ දිනේෂ්
චන්දිමාල් නායකත්වය දරන පළමු තරග දෙක සඳහා පමණක් වීම විශේෂයක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලාබාල ක්‍රීඩක සහ එක්දින කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල්ට පැවැරීමේ විශේෂත්වය වන්නේ ඔහු මෙරට එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්කළ පළමු අවස්ථාව මෙය වීමයි.
එමෙන්ම උප නායකත්වය සදහා ලහිරු තිරිමාන්න නම්කර තිබේ. ලහිරු තිරිමාන්න පසුගිය කාලයයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවකයකු ලෙස දක්ෂතා දක්වා තිබීම ඊට හේතුවක්ව ඇත. එහෙත් චන්දිමාල් අවසන් එක්දින තරගාවලි කිහිපයේදීම ලකුණු අතරට නොපැමිණි අතර ඔහුට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් පවා හිමි නොවනු ඇති බවට තොරතුරු හෙළි විය.
එවන් තත්වයක සිටි චන්දිමාල් නායකත්වයට පත්කිරීමෙන් පසුව තේරීම කමිටු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබෙන්නේ මෙම තරග දෙක ඔහු අසාර්ථක වුව හොත් ඔහුගේ උප නායක කමටද තට්ටු වන බවයි.
තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ නිත්‍ය උපනායකත්වය සහ අනාගත නායකත්වයට ලහිරු තිරිමාන්න සටනක් ලබා දෙනු ඇති බවයි. මේ අනුව හොදම ක්‍රීඩකයාට එම අවස්ථාව හිමිවනු ඇතැයිද ඔහු අනාවැකියක්ද කිවේය. මේ තත්වය ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් නම් හොඳ දෙයක් නොවේ. යම් ලෙසකින් හෝ චන්දිමාල් අසාර්ථක වීම එම ක්‍රීඩකයාගේ ක්‍රීඩා ජීවිතයට බලපෑමක් විය යුතු නැත. චන්දිමාල් දක්ෂයෙක්. රැක ගත යුතු ක්‍රීඩකයෙක් ඒ නොසලකා කටයුතු සිද්ධ වීමක් නොවිය යුතුය.
චන්දිමාල් වැනි ලාබාල ක්‍රීඩකයෙකුට නායකත්වය ලබා දී අලුත් අත්හදා බැලීමක් කිරීම හොඳ දෙයක්. එහි වරදක් නැත. වරක් දකුණු අප්‍රිකානු කන්ඩායම ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සිටියදී දිගින් දිගටම අසාර්ථක වෙද්දි එහි නායකත්වයට ඒ වෙන කොට ටෙස්ට් තරග 3ක් පමණක් ක්‍රීඩා කර සිටි නවක ක්‍රීඩක ග්රැහැම් ස්මිත්ව පත් කිරීමෙන් අති සාර්ථක විය. එහෙත් ඔහු පළමු තරග තුනේදීම වාර්තා ගත ලෙස ශතක ත්‍රිත්වයක් ලබා තිබිණි. අද චන්දිමාල් සිටින්නේ එවන් තත්වයක නොවේ.
මේ චන්දිමාල්ගේ හොඳ දවස් නොවේ. ඔහු සිටියේ ඇත්තේ කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමේ සටනකය. ඒ නොදන්නා ගානට කටයුතු කරමින් ඔහු වෙත නායකත්වයේ පීඩනයත් පැටවීම මේ මොහොතේ නොකළ යුතුව තිබිණි. වෘත්තීය පරිචයක් ඇති ජේෂ්ඨ ක්‍රීඩකයෙකුට වුවත් මෙවැනි පීඩාකාරි අවස්ථාවක් ජය ගැනීම පහසු නැත.
මේ අවස්ථාව ජේෂ්ඨ ක්‍රීඩකයකු බාර නොගැනීම ප්රශ්නකාරී තත්වයකි. මතකයට එන්නෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදල් ප්‍රශ්නයය. කණ්ඩායමක් එක් පැත්තක සිටින විට පාලක පැත්තේ හිටියේ චන්දිමාල් පමණය. .IPL ප්රශ්නයේදී චන්දිමාල් ජාතික වීරයෙක් කෙරුනු අතර සෙස්සන් ද්‍රොහීන් විය.
කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ කියා අපේ පැරණි කියමනක් වෙති. චන්දිමාල්ට ඒ යළි අසන්නට සිදුවන තත්වයක් නම් මේ නිර්මාණය වෙමින් තිබෙන්නේ ඒ ගැනද පුදුම විය යුතු නැත. මන්ද අද 'ක්‍රිකට්' සුදුවක වෙනත් මුහුණුවරයක් බවට පත්ව ඇති නිසාය.

No comments:
Post a Comment