Tuesday 13 August 2013

ඇමති රෝහිත අබේගුණවර්ධන කෝච්චියෙන් චේන් කඩා පනි.

වරාය හා මහාමාර්ග ව්‍යාපෘති පිළිබඳ ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සිදුකරන ප්‍රකාශ සම්බන්දයෙන් මාධ්‍යවේදීකු ඇසූ ප්‍රශ්නයකට ප්‍රකාශක් සිදු කරමින් අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ කෝච්චියෙන් චේන් කඩාගෙන පනින්න සහ බීච්එකේ විදේශීකයන්ගෙන් කප්පම් ගන්න කප් ගැහුවට ඔහු දේශපාලනයට අත දරුවෙකු බවයි.
එහිදී අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ “කෝච්චියේ යන මගීන්ගේ චේන් කඩාගෙන පනින්නේ කොහොමද කියලා මම ඔහු සමග විවාදයකට යන්නෑ මොකද ඔහු ඒකෙන් දිනනවා. බීච්එකට එන විදේශීය සංචාරකයන්ගෙන් කප්පම් ගන්නෙ කොහොමද කියලා වැඩපිළිවෙලක් හැදුවොත් ඔහු ඒකෙන් කප්එක ගන්නවා. ඒත් ඔහු දේශපාලනයට අතදරුවෙක් පමණයි.” යනුවෙනි.

No comments:

Post a Comment