Friday 8 November 2013

කොමිස් කතාව නිසා නියෝජ්‍ය ඇමතිවරිය ජනාධිපතිවරයා විසින් නෙරපා හරියි.


දශ ලක්ෂ පතිනියක වීමේ සිහිනයකින් ඇමති පදවියේ කටයුතු කළ නියෝජ්‍ය ප්‍රවෘත්ති ඇමතිනී වික්ටෝරියා හම්මා (Victoria Hammah) පදවියෙන් නෙරපා හැරීමට ඝානාවේ ආණ්ඩුව පියවර ගෙන ඇත.

ඩොලර් දශ ලක්ෂයක් උපයා ගන්නා තෙක් තමා ඇමති පදවියේ රැඳී සිටින බවක් නියෝජ්‍ය ඇමතිවරිය පවසද්දී එය පටිගත කොට ඇති අතර, ඉන් අනතුරුවයි ඇය තනතුරින් නෙරපා හරිනු ලැබ තිබෙන්නේ.

ඇමති වරියගේ කටහඬ සමඟ ඇයගේ කතාබහ ඇතුළත් හඬපටය ඝානාව පුරාම බෙදා හරිනු ලැබ ඇති බවත් වාර්තාවෙයි.

“ඔබ අත මුදල් ඇත්නම් ඔබට ජනතාව පාලනය කරන්න පුළුවන්”යනුවෙන් ද නියෝජ්‍ය ඇමතිවරිය පවසනු එම හඬ පටයට සවන් දීමේ දී අසන්නට ලැබෙයි.

නියෝජ්‍ය ඇමතිනී වික්ටෝරියා හම්මා, එම හඬ පටය හෝ ඇය තනතුරින් පහ කරනු ලැබීම සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් පළ කොට නැති බවත් වාර්තාවෙයි.

ජනාධිපති මහමා (Mahama) බලයට පත් කෙරුණ පසුගිය ජනාධිපතිවරණයේ දී,තනතුරින් පහ කෙරුණ වික්ටෝරියා හම්මා නියෝජ්‍ය ඇමතිවරිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවයි,ඝානාවේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

No comments:

Post a Comment