Wednesday, 2 October 2013

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂිකාව අනෝමා ෆොන්සේකා.............?

අනෝමා ෆොන්සේකා මහත්මිය,  බස්නාහිර මහ ඇමති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් නොකොට,  එකවර ම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම කෙරෙහි සරත් ෆොන්සේකා මහතාගේ  'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ'  අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
අනෝමා ෆොන්සේකා මහත්මිය විපක්ෂයේ පොදු අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමට සහයවන්නැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලා ඇතැයි ද පැවසේ.

'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' මහ ඇමති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත්වී පළාත් සභාවට තේරී පත්වුවද, මහ ඇමතිවිමට තරම් ජයග්‍රහණයක් මේ මොහොතේ අපේක්ෂාකළ නොහැකි බැවින්, අනෙකුත් පක්ෂ සමග එකඟතාවයකින් යුතුව අනෝමා මහත්මිය  ජනාධිපතිවරණයට පොදු අපේක්ෂිකාව ලෙස ඉදිරිපත්විම වඩා වැදගත්බව එම පක්ෂයේ අදහසවී ඇත.

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමේදී එජාපය කැලි  කිහිපයකට කැඩීයාමට ඇති  ඉඩකඩ ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත්වුවහොත්,  උපරිම සහයලබාදීමට නාහිමිවරුන් කිහිපනමක් සහ ප්‍රධාන  මාධ්‍ය ආයතන දෙකක් දැනටමත් එකඟවී ඇතැයි ද වාර්තාවේ.

No comments:

Post a Comment