Wednesday, 9 October 2013

කතා කරන හාදුවක් දුන් පෙම්වතා ..



 

. ‘කිසිජේනන්” ලෙස හඳුන්වන ප්‍රාග් ජර්මානු වදනින් මෙය සම්භවය ලබා ඇති අතර, එයින් අදහස් වූයේ හාදු දීමේදී පිට වන ශබ්දයයි.

සිපගැනීම සහ හාද්ද, ප්‍රේමයේ නොවැළැක්විය හැකි අංග යැයි කියමනක් තිබේ. එහෙත් පෙනී යන පරිදි හාද්දේ ප්‍රභේද ඇති අතර හාදු දීම සදහා කලාවක් ද තිබේ. එපමණක් නොව එම හාදු දීමේ කලාව ලෝකයේ විවිධ රටවල් අතර පැතිර තිබෙන්නේ ද විවිධාකාරයෙනි.
1. හාද්ද ඉංග්‍රීසි බසින් හදුන්වන ‘කිස්” යන්න බිඳී ආවේ පැරණි ඉංග්‍රීසි බසට අයත් කිසන් යන වදනෙනි

2.සාමාන්‍යයෙන් එක් බටහිර ජාතිකයෙක් සිපගැනීම සඳහා සිය ජීවිත කාලයෙන් පැය විසිදහසක් පමණ වැය කරයි.

3. පැසිෆික් සාගරයේ කුක් දූපත්වලට නුදුරු මැන්ගයියා දුපත් වැසියන් කිසිදිනෙක සිපගැනීම කියා දෙයක් දැන සිට නැත.   එහෙත් සිපගැනීමේ රුසියන් වූ ඉංග්‍රීසි ජාතිකයන් 1700 යුගයේ දී එහි පැමිණීමත් සමඟ එය වෙනස් විය.
4. පුරාණ ඊජිප්තු ජාතිකයන් සිපගැනීම කළේ මුවට මුව තැබීමෙන් නොවේ. නාසයට නාසය තැබීමෙනි.
5. ලෝකයේ පවතින විවිධාකාර සංස්කෘතීන් අතරින් සියය ට 90 ක් ම සිපගැනීම සිදුකරයි.
6. හාද්දක් පිළිබඳ මුල්වර ට පොත පතෙහි සදහන් වී තිබෙන්නේ පුරාණ වෛදික යුගයේදී ය. ක්‍රිස්තු පූර්ව 1500 සමයේදී වේද භක්තිකයන් මුවෙන් කිවිසුම් ඇරි බව එහි සඳහන් ය.
7. දෙතොල් කොතරම් සංවේදී ද යන්න සිපගැනීම පසක් කරයි. සාමාන්‍යයෙන් ඇඟිලි තුඩුවල තිබෙන ස්නායු අන්ත මෙන් සිය ගුණයක ස්නායු අන්ත දෙතොල්වල පිහිටා තිබේ.
8. දහසය වැනි සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිපගැනීම මරණීය දණ්ඩනය ලැබීමට හේතුවක් විය.
9. ඛේටයේ තිබෙන බැක්ටීරියාවලින් සියයට 20 ක් ම ඒ පුද්ගලයාට ආවේණික ය. එක් දෙතොල් සිපගැනීමකදී බැක්ටීරියා මිලියන 10 ත් බිලියනයත් අතර ප්‍රමාණයක් හුවමාරු වෙයි.
10. සාමාන්‍ය හාද්දක් දීමට අවශ්‍ය වන්නේ මුහුණේ මාංශපේශී දෙකක් පමණි. එහෙත් ‘ආත්මීය සිපගැනීම්” හෙවත් සෝල් කිසිං ලෙස හදුන්වන ප්‍රංශ හාද්ද (ෆ්‍රෙන්ච් කිස්) ලබාදීමේදී මුහුණේ මාංශපේශී 34 ම අවශ්‍ය කරයි.

No comments:

Post a Comment