Wednesday 9 October 2013

කෝටිපති කුඩු ජාවාරම්කරු "බොරැල්ලේ සජිත්" මරුට

පාතාල නායකයකු මෙන්ම කෝටිපති කුඩු ජාවාරම්කරුවකු බව කියන බොරැල්ලේ සජිත් නමැත්තා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටිය දී අද (9) අලුයම වෙඩි තබා ඝාතනය කර තිබේ.

n1310108මෙසේ මහමඟ දී මරා දමා ඇත්තේ බොරැල්ල සර්පන්ටයින් පාර ආදර්ශ නිවාස අංක 1/5 හි පදිංචිව සිටි විසිහත් හැවිරිදි තෙඹුවන ආරච්ච්ගේ සජිත් ප්‍රියදර්ශන කරුණාරත්න නමැත්තකු බව දෙමටගොඩ පොලිසිය පවසයි. මරණකරු රියදුරු අසුනේ සිට ඇති අතර තවත් තිදෙනකු මොහු සමඟ රථයේ පැමිණ සිද්ධියෙන් පසු පළාගොස් ඇති බව පොලිසිය කියයි.
මරණකරු ගේ රථයේ කඩු දෙකක් හා ටී පනස් හය ජීව පතරොම් පිරවූ මැගසිනයක් තිබී පොලිසිය සොයා ගෙන තිබේ.
දෙමටගොඩ බේස්ලයින් මාර්ගයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති මිය ගිය අය තවත් මීටර් හාරසියයක් පමණ දෙමටගොඩ හන්දිය දෙසට රථය පදවාගෙන පැමිණ රථය මහ මඟ නවතා මිය ගොස් තිබේ.
රථයේ වම් පස වීදුරුවේ පිටත සිට ඝාතකයා වෙඩි ප්‍රහාර එල්ලකර තිබේ. මිලිමීටර් දශම නවය හෝ එවැනි කුඩා අවියක් මේ ඝාතනයට උපයෝගි කරගෙන ඇත. මරණකරුගේ පපුවට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය සිදුව තිබෙන බව හඳුනාගෙන තිබේ.
මොහු සමඟ රථයේ ගමන් කරමින් සිට පළා ගිය තිදෙනා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිව නැති අතර ඝාතකයා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ‍අණාවරණය වී නැත.
මරණකරු සමඟ පැමිණි තිදෙනා මේ මරණය සිදුකර පලාගිය බවට පොලිසිය සැකකරයි. කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මේ ඝාතනය සිදුකර තිබෙන බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ මඟින් හෙළිව ඇත.‍ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇති අතර මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණයෙන් පසු එහි දී පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳ රසපරීක්ෂක වාර්තාවක් ද කැඳවා තිබේ.
සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඩී.එල්. රණවීර මහතාගේ උපදෙස් මත දෙමට‍ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කේ.එම්‍. හේරත් මහතාගේ මෙහෙයවීමෙන්, සැරයන් 28789 ජයසේකර, කොස්තාපල්වරු වන 72680 පෙරේරා හා 87138 චතුර නිලධාරීහු පරීක්ෂණ පවත්වති

No comments:

Post a Comment