Monday 7 October 2013

ෆොන්සේකා, යලි ජනාධිපතිවරණ සටනට ! සිරස මාධ්‍ය ප්‍රධානී කිලී මහරාජාගෙන් උපරිම සහයෝගය


SarathFonseka 410px 13 09 25සරත් ෆොන්සේකා මහතා ඔහුගේ 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' යටතේ, ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරඟ කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
මාධ්‍ය ආයතනයක හිමිකරුවකු හා සරත් ෆොන්සේකා මහතා අතර පැවති භෝජන සංග්‍රහයකදී එවැනි තීරණයක් එළඹ ඇතැයි පැවසේ.
පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ෆොන්සේකා මහතාගේ පක්ෂය ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා එම මාධ්‍ය හිමිකරුවා විසින් එම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබී ඇත.

මේ සම්බන්ධයෙන් ජේෂ්ඨ නීතිවේදියකු ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, මේවනවිට ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇති බැවින්, ඔහුට එවැනි මැතිවරණයකට ඉදිරිපත්වීමට නීතිමය බාධාවක් පවතින බවයි.
කෙසේවුවද, මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියකුගෙන් කල විමසීමේදී කියා සිටියේ, කවරහෝ මැතිවරණයකට ඉදිරිපත්වීම සඳහා ෆොන්සේකා මහතා නාමයෝජනා බාරදුන හොත් එය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමසාරිස්වරයට කිසිදු බලයක් නොමැති බවයි. කවරෙකු හෝ ඊට එරෙහි වන්නේනම් ශේෂ්ඨාධිකරණය ගොස් ඒ පිළිබඳව තීන්දුවක් ලබාගත යුතු බවද ඔහු පැවසිය.
මිට ඉහතදී අධිකරණය විසින් එස්.බි. දිසානායක අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසිකර තිබු සමයේ බොහෝදෙනෙකු කියා සිටියේ, එස්,බි. ට මැතිවරණ වලට ඉදිරිපත් විය නොහැකිබවයි. එම අභියෝගය බාරගත් එස්,බි. දිසානායක මහතා, එකල පැවති මධ්‍යම පළාත් සභා මැතිවරණක් සඳහා එජාපයෙන් නාමයෝජනා බාරදෙනු ලැබුවද, මැතිවරණ කොමසාරිස්වරයා එය ප්‍රතික්ෂේප නොකළේය.
මැතිවරණ කොමසාරිස්වරයා එම නාමයෝජනාව බාර ගැනීම සම්බන්ධයෙන් කිසිවකුහෝ අධිකරණය හමුවේ විරෝධයක් ගොනු නොකල අතර දිසානායක මහතා මැතිවරණයෙන් ද ජයග්‍රහණය කළේය.

No comments:

Post a Comment