Monday 5 August 2013

හිතහොද දොස්තර මැරූ අයෙකුට ඇප

කරන්දෙණිය මූලික රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියාව සිටි වෛද්‍ය පි‍්‍රයංග ප‍්‍රසාද් ජයසිංහ මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ දෙවැනි සැකකරු වන යුධහමුදා කපිතාන් චන්දන වික‍්‍රමසිංහ නැමැත්තා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට බලපිටිය මහේස්ත‍්‍රාත් අසංග බෝදරගම මහතා අද නියෝග කළේය. ප‍්‍රදේශවාසීන් අතර ‘හිත හොඳ දොස්තර’ නමින් ප‍්‍රසිද්ධව සිටි මෙම වෛද්‍යවරයාව 2011 සැප්තැම්බර් 29 වන දින බොරකන්ද ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ පුද්ගලික බෙහෙත් ශාලාව ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කර තිබිණි. සිද්ධියට අදාළව සැකපිට කපිතාන් චන්දන වික‍්‍රමසිංහ ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටියහ.
ආර්. ඤණදාස අම්බලන්ගොඩ

No comments:

Post a Comment