එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර යාමට ඕනෑම අවස්ථාවක සුදානම් බවත් ඒ සඳහා සුදුස්සෙකු තවමත් නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් 59 පමණ ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම් බවට තමන්ට කියා ඇතැයි පවසන ගමගේ මහතා ආණ්ඩුව පෙරළීමට සන්ධානයක් ගොඩනැගීම සඳහා ඔවුන් කැමැත්ත පළ කර ඇතැයිද කීවේය. කොළඹදී අද ඉරිදා(06) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් කීවේ මාතරදී ඊයේ පැවතියේ සාමකාමි පා ගමනක් නොවන බවත් පොලු මුගුරු ටී 56 යොදාගත් සන්නද්ධ පෙළපාලියක් බවත් කීය. මංගල සමරවීර මහතා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටු නොකරන බව කී ඔහු එදා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කටයුතු කළත් මෙදා සමරවීර මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වැඩ කරන බවත් කීය.
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Monday, 7 October 2013
රනිල් යන්න ලෑස්තියි ; ඒත් ඒ තැන ගන්න කෙනෙක් නෑ - දයා ගමගේ කියයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර යාමට ඕනෑම අවස්ථාවක සුදානම් බවත් ඒ සඳහා සුදුස්සෙකු තවමත් නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් 59 පමණ ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම් බවට තමන්ට කියා ඇතැයි පවසන ගමගේ මහතා ආණ්ඩුව පෙරළීමට සන්ධානයක් ගොඩනැගීම සඳහා ඔවුන් කැමැත්ත පළ කර ඇතැයිද කීවේය. කොළඹදී අද ඉරිදා(06) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් කීවේ මාතරදී ඊයේ පැවතියේ සාමකාමි පා ගමනක් නොවන බවත් පොලු මුගුරු ටී 56 යොදාගත් සන්නද්ධ පෙළපාලියක් බවත් කීය. මංගල සමරවීර මහතා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටු නොකරන බව කී ඔහු එදා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කටයුතු කළත් මෙදා සමරවීර මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වැඩ කරන බවත් කීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment