Wednesday 21 August 2013

මට මගේ හැඟීම් මෙතන ප්‍රකාශ කරන්න බැහැ. නමුත් ඔබ මාව පාර්ලිමේන්තුවෙන් පිටතදි හමුවුවහොත් මා ඒවා විස්තර කරන්නම්. - කුමාර වෙල්ගම



පාර්ලිමේන්තුව උත්තරීතර ලෙසයි පිළිගැනෙන්නේ. නමුත් ඒ ස්ථානයේදිත් උත්තරීතර නොවන කථා කියවෙනවා. මේ පිළිබඳව ද ගාඩියන් පුවත්පත කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ ඇමති වරයෙකුත් ඉහලින්ම ඉන්නවා. ඒ ප්‍රවාහන අමාත්‍ය කුමර වෙල්ගම ඇමතිතුමා. 

මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී  වෙල්ගම අමාත්‍යතුමා සමග විවාදයකට පැටලුනේ හිටපු විවාහක රූ රැජනක් වන එජාපයේ රෝසි සේනානායක මහත්මිය. ඒ අවස්ථාවේදී වෙල්ගම ඇමතිතුමා හැසිරුන ආකාරය සැලකිල්ලට අරගෙනයි ගාඩියන් පුවත් පත ඇමති තුමාට මේ දර්ෂකයේ හය වන ස්ථානය ලබා දී තිබෙන්නේ. 

පහත දැක්වෙන්නේ එම දර්ෂකයේ නොහොබිනා කථාවල හොඳම දහයට තේරී ඇති පුද්ගලයන්. 

1. ඩේවිඩ් කැමරොන් -එක්සත් රාජධානිය
සිය ප්‍රතිවාදී පක්ෂයේ භාණ්ඩාගාරික ලේකම් වරිය වන ඇන්ජෙලා ඊගල් හට Calm down dear ලෙස ඇමතීම. එම වදන් පෙල පහත් ගණයේ රූපවාහිනී වැඩසටහනකින් උපුටා ගන්නා ලද වාක්‍යයකි. 

මෙම සිදු වීමෙන් කැමරොන් හට විශාල දේශපාලන පාඩුවක් සිදුවිය. එම වරද ජනතාවට අමතක කරවීමට ඔහු විවිධාකාර කාන්තා සුභසාදන කටයතු වලට දායක විය. 

2. සිල්වියෝ බර්ලුස්කොනි - ඉතාලියේ හිටපු අගමැති 
ඔහුට එල්ල වී ඇති කාන්තා අතවර චෝදනාවට පිළිතුරු දෙමින් කොහොන් පටන් ගන්නද?“ ලෙස පැවසීම සහ ඊට පෙර ඔහු කර ඇති එවන් ප්‍රකාශ නිසා ඔහු ලොව පුරා විවේචනයට ලක් විය.

 “මෙහි රූමත් කාන්තාවන් සිටින නිසා අපට ඔවුන් ආරක්ෂා කරන්න සෙබලුන් රැසක් යවන්න වේවිලෙස පැවසුවේ දක්ෂිණාංශික කාන්තාවන් වඩාත් රූමත් බවත් වාමාංශික කාන්තාවන් රූමත් නොවන බවත් ඇඟවීමටයි. 

 කෙසේ වෙතත් බර්ලුස්කොනි  කරන ලද දූෂන සහ වංචා නිසා ඔහුට වසරක සිර දඬුවම් එරට අධිකරණයෙන් නියම විය. 

3. ජොන් ජෙෆ්රි - දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය
පසුගිය දිනක දකුණු අප්‍රිකානු විපක්ෂ නායිකා ලින්ඩ්වේ මසිබුකො ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව විවේචනය කරමින් ජාතක කොංග්‍රසයේ ජොන් ජෙෆ්රි පැවසුවේ මසිබුකෝ ඇති තරම් ශරීර බරකින්යුක්ත වූවත් අගේ මානසික ප්‍රගමනය පිළිබඳව ගැටලුවක් ඇති බවයි. 

4.ප්‍රංශ පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් නිවාස ඇමති වරියට උරුවන් බෑම
ප්‍රංශයේ නිවාස ඇමති වරිය වන සෙසිලි ඩුෆ්ලෝ මැතිනිය සිය කථාව කරන අතර වාරයේදී විපක්ෂයේ පිරිමි මන්ත්‍රී වරුන් විසින් උරුවන් බාන්නට විය. 

කෙසේ වෙතත් ඇය මෙම සිදුවීම විස්තර කර සිටියේ ඇය ජීවිතයේ කෙදිනකවත් මෙවන් අපහසුතාවයකට පත්ව නැති බවයි. 

5.ඔස්ටින් මිෂෙල් - කම්කරු පක්ෂය මහා බ්‍රිතාන්‍යය
ලුවිස් මෙන්ෂ් මහත්මිය කෝර්බි ආසනය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකි. ඇය සිය දේශපාලනයෙන් ඉවත් වූයේ තම පවුල් ජීවිත කළමනාකරනය කර ගැනීමේ ඇති දුෂ්කරතාවය නිසාවෙනි.

ඇය සන්ඩේ ටයිම්ස් පුවත් පතට සාකච්ඡාවක් ලබා දෙමින් කියා සිටියේ ඇගේ සැමියා විසින් ඇයට දේශපාලනයෙන් ඉවත් වන ලෙස ඉල්ලූ බවත්, තමා දේශපාලනයෙන් ඉවත් වීම පිළිබඳව කම්පා වන බවත්ය.

මෙම ප්‍රකාශයට කම්කරු පක්ෂයේ ඔස්ටින් මිෂෙල් කට වහගෙන සිටියේ නැත. ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඇය දේශපාලනයෙන් ඉවත් වීමට හේතුව මෙය නොවන බවත් තම සැමියාගේ මතය ප්‍රසිද්ධියේ විවේචනය නොකරන ලෙසත්ය. තව දුරටත් ඔහු සටහන් කලේ කදිම තරුණ ලඳක් දේශපාලනයෙන් ඉවත් වීම පිළිබඳව බොරු නොකියන ලෙසත්ය. 

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට එරට වැසියන් බොහෝ පිරිසක් කිපුනේය. අනෙකක් තබා කම්කරු පාක්ෂිකයන් පවා මෙම ප්‍රකාශයට විරුද්ධ විය. 

6. කුමාර වෙල්ගම - ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ඇමති.
එජපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය විසින් කුමාර වෙල්ගම මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දීම වෙනුවට අමාත්‍ය වරයා ඇගේ ලස්සන නිසා මගේ හුස්ම හිරවුනා“, ලෙස පැවසූ අතර මා ගොඩාක් සතුටු වෙනවා රූ රැජනකගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න ලැබීම ගැන. ඔබ එතරම් ලස්සන ගැහැනියක්. මට මගේ හැඟීම් මෙතන ප්‍රකාශ කරන්න බැහැ. නමුත් ඔබ මාව පාර්ලිමේන්තුවෙන් පිටතදි හමුවුවහොත් මා ඒවා විස්තර කරන්නම්. මගේ සිතුවිලි උද්දීපනය වනවා. මට ඒවා ප්‍රසිද්ධියේ කීමට වුවමනා නැහැ.යනුවෙන්ද ඔහු පැවසුවා. 

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පිළිබඳව කුමාර වෙල්ගම මහතා නියෝජනය කරන රජය පාර්ෂවයේ ජේෂඨ අමාත්‍ය වරයෙකුගෙන් හෝ විවේචනයක් මෙතෙක් ඉදිරිපත් වී නැත.

7.මූන් ජේ-ඉන්   - දකුණු කොරියානු ජනාධිපතිවරණ ප්‍රතිවාදී අපේක්ෂකයා 
දකුණු කොරියානු හිටපු ආඥාදායකයකුගේ දියණියක වන පාර්ක් ගෙයුන් හට පසුගිය ජනාධිපතිවරණයේදී ලිංගික වාග් ප්‍රහාර රැසකට මුහුණ දෙන්නට සිදුවුනාය. 

ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියකු වු ජනාධිපති අපේක්ෂකයකු වූ මුන් ජේ  ඇයට පහර එල්ල කලේ ඇයට දරුවන් නැතිකම සිහි කරවමිනි. ඇය දරු දුක නොහඳුනන, ගැහැනු ලක්ෂන නැති, දරු උපතක වේදනාව නොදන්නා කාන්තාවක් ලෙස බොහෝ නිර්ධය ලෙස ඇයව විවේචනය කලේය. එයින් නොනැවතී ඇය වෙළඳ පලට ගොස් භාණ්ඩ මිලදි ගැනීමට භාණ්ඩවල මිල ගනන්වත් නොදන්නා බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. 

කෙසේ වෙතත් මෙවන් ප්‍රහාර හමුවේ ඇය ජනාධිපතිවරණය ජයග්‍රහණය කල අතර ඉන් පසුද ඇයට මෙවන් ප්‍රකාශ වලට මුහුණ දිමට සිදු විය. 

8.සෙබෙස්තියන් පිනේරා - චිලී ජනපති
ගැහැනිය සහ දේශපාලනය අතර ඇති වෙනස කුමක්ද? ලෙසින්  2011 දී මෙක්සිකෝවේ පැවති රාජ්‍ය නායක සමුළුවකදී අසා සිටියේය. 

9.ජෝන් මැක්කේන් - ඇමරිකානු ජනාධිපති අපේක්ෂක
ඇය ශක්තිමත් නැහැ. ඇය බැල්ලියක්. ඇය කේන්ති නොගෙන කන් පැළෙන්න කෑ ගහනවා. ඇය හැඟීම්බර වැඩියිලෙස ජෝන් මැක්කේන් කියා සිටියේ හිලරි ක්ලින්ටන් මැතිනියටයි. 
එයින් කියවුනේ ඈ තුල ස්ත්‍රී ලක්ෂන සහ මව් ගුන නොමැති බවත්ය. 

10. ඔස්ට්‍රේලියානු විපක්ෂය
පසුගියදා ඉල්ලා අස්වූ අගමැතිනි ජුලියා ගිලාඩ් මැතිනිය කාන්තාවක් වීම නිසාම නෙයෙක් ලිංගික් වාග් ප්‍රහාර වලට ලක් වූ කාන්තාවකි. 

කෙසේ වෙතත් ඇය මාධ්‍ය හමුවේ යම් දිනෙක පවසා තිබුනේ ඇය හිතා මතාම දරුවන් නොලබා සිටීමට තීරණය කර වඳ භාවයට පත් වූ බවයි. මෙම ප්‍රකාශය නිසා එරට විපක්ෂය විසින් විටින් විට ඇයට රිදවන්ට මෙය තුරුම්පුවක් කර ගත්තේය. විපක්ෂ මන්ත්‍රී වරුන් කියා සිටියේ ඇය දරුවන් නොලබා සිටීමෙන් කිය වෙන්නේ ජීවිතය පිළිබඳව අවබෝධයක් නැති කාන්තාවක් බවයි. තවත් පිරිසක් කියා සිටියේ දරුවන් සිටීම ජීවිතයේ ඕනෑම අවස්ථාවකට ආදරණීය අත්දැකීමක් බවත් එය මග හැරියහොත් ඒ ආදරය ජීවිතයේ කෙදිනකවත් නොලැබෙන බවත්ය. 

No comments:

Post a Comment