
අලුතෙන් ඉදිකරන ලද පල්ලිය එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමටත් පැරණි පල්ලිය තවදුරටත් දියුණු කර ආගමික කටයුතු සඳහා යොදාගැනීමටත් ඊයේ සවස ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා සහ සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවන්ට පැමිණ ඇත. රජයේ නියෝජිතයන්, ආණ්ඩුවේ ඇමැතිවරුන්, මුස්ලිම්, බෞද්ධ නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. කේ. පී. දිසානායක මහතා පැවසීය. නව පල්ලිය ඉදිකිරීම සඳහා අවසර ලබාදුන් ලිපිය ඉවත්කර ගැනීමටද එහිදී තීරණය වු බව මේ පිළිබඳව කළ විමසීමේදී ලේකම්වරයා සඳහන් කළේය.
No comments:
Post a Comment