Saturday 10 August 2013

ග්‍රහයො පෙන්නන විදියට දයාසිරි තුන් පාරක් එහෙට මෙහෙට පනීවි


දයාසිරි ජයසේකර කියන්නෙ මේ දවස්වල පුවත් මවන ප්‍රධාන චරිතයක්. ඔහු සෙසු දේශපාලකයො වගේ ජේ‍යාතිෂය කරට අරන් කටයුතු කරන චරිතයක් නෙවෙයි. පෞද්ගලික ප්‍රශ්නයකට එතුමා පසුගියදාක මා හමුවන්න ආවා. මේක බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණේ කේන්ද්‍රය බලන්න ආපු ගමනක් කියලා. අපේ රටේ පෞද්ගලික හේතුවකටවත් දෛවඥයෙක් හමුවෙන්න ගියොත් ඒක දාන්නෙ කේන්ද්‍ර ගොඩටමයි. මටත් පසුගිය ටිකේ දුරකතනයෙන් වැඩිපුර පිළිතුරු දෙන්න වුණේ දයාසිරි ආවද යයිද ඉඳීද ප්‍රශ්නයට.

දයාසිරි කවදාවත් මගෙන් කේන්ද්‍රය බලල නැහැ. නමුත් එතුමාගෙ ඥාතීන් හා හිතවතුන් ඔය කේන්ද්‍රය බලල තියෙනවා. ඒ විතරක් නෙවෙයි එතුමගෙ විරුද්ධවාදියොත් ඔය කේන්ද්‍රය බලවල තියෙනව. ඒ නිසා දයාසිරි ජයසේකරගෙ කේන්ද්‍රය ගැන මේ වෙලාවෙ යමක් කියන්න මටත් හිතුණා.
1969 ජුනි 12 වැනිදා මකර ලග්නයෙන් කැති නැකැතෙන් දෙවැනි පාදයෙන් උපන් දයාසිරි කුජ බලවත්ව උපන් කෙනෙක්. ඔහු අකුළගෙන ඉන්න චරිතයක් නෙවෙයි. 'අනින ගොනා වැඩට හො¼දා' කිව්ව වගේ මේ දයාසිරිත් නළියන චරිතයක්. වැඩගන්න කෙනකුට අහුවුණොත් හොඳට වැඩ ගනීවි. වැඩ බැරි අයට මේ වගෙ අය ශාපයක් වගේ පෙනුණත් විවිධ හැකියා ඇති දයාසිරි රටට සම්පතක්.

ලග්නයේ උච්ච අධිපති කුජ බලවත්ව එකොළොස් වැන්නේ සිටියත් ශනි සිවුවැන්නේ නීච නිසා කොතැන සිටියත් එතැන සතුරන් ඇතිවන ඊර්ෂ්‍යාකාරයන් ඇතිවන අවාසනාව තියෙනවා. දක්‍ෂයන්ට කොතැනත් ඊර්ෂ්‍යාකාරයො එමටයි. දයාසිරිට පමණක් ඒක විශේෂ දෙයක් නෙවෙයි. දැන් යන ගුරු මහ දශාවත් පෙරළිකාර එකක්. උපතේ නවයෙ සිටි ගුරු දැන් හයේ යන නිසා මොළය රත්වන ප්‍රශ්න එනවා. දැන් ඔහුට අත්තල්ගොඩ හරකුන්ට වුණු දෙයයි වෙලා තියෙන්නේ. දියේ ඉන්නත් නෑ. ගොඩ ඉන්නත් නෑ. ඒරාෂ්ටක නැතත් දැඩි පීඩාව නිසා කළ නොකළ යුතු දේ තේරුම් ගන්න අමාරු කාලයක්.
තුනේ හිටපු රාහු දහයෙ යන කාලයක්. පනින වැඩට පොලඹවන කාලයක්. වරක් පැනපු ඔහු යළි පනීද කියල රටම බලා ඉන්නවා. මගේ අදහස නම් ඔහුගෙ ග්‍රහ බලයෙ හැටියට තුන් වරක් පනින්න වේවි.

වික්‍රමස්ථානය අධිපති ගුරු නව වැන්නේ කේතු සමඟ නිසා ගුරුගෙ දශාවෙ ඔහු මොන බාධක ආවත් කවුරු මොන පොලු දැම්මත් ඉදිරි කාලයේ රටට ප්‍රයෝජනවත් චරිතයක් වේවි. දයාසිරි මොන තීරණය ගත්තත් ඔහුගේ හෙට දවස පෙරැළි රැසක් මැදින් ඉදිරියට මිස පස්සට යන එකක් නොවන බව 'මව්බිම' පාඨකයන්ට මතක් කරන්න කැමැතියි.

ජයලත් ජයවර්ධන කියන්නෙත් රටේ යම් යම් ප්‍රශ්නවලදී කතාබහට ලක්වූ චරිතයක්. එතුමා මට අන්තිම වතාවට හමුවුණේ අවමංගලකට අතුරුගිරියෙ නිවෙසකට ගිය වෙලාවෙ. කවදාවත් නැතිව එතුමා එදා මරණය ගැන බොහෝ දේ කතා කළා. මට හැටක් හිටියොත් ඇති කියල අමුතු කතාවක් කිව්වා. ඇත්ත වශයෙන්ම ඔහුට පනස්නවය නරක නපුරු කාලයක් බව මටත් නොකියා බැරිවුණා. භක්තිමත් කතෝලිකයකු වුණත් ජේ‍යාතිෂයත් විශ්වාස කරපු චරිතයක්. සමාජයේ එළිපිට කතා නොකළත් අපි අතර එහෙම කතාබහ තිබුණා. ජයලත් ජයවර්ධන මහතාට හැට පනින එකත් බැරිව ගියා.

අපේ රටේ දැන් සිදුවන දේවල් ගැන බොහෝදෙනා තුළ ලොකු කනස්සල්ලක් තියෙනවා. විවිධ ප්‍රදේශවල පාඨකයො එවන ලිපි කියවන විට ඒක පැහැදිලිව පේනවා. බොහෝදෙනා දන්නෙනෑ ලංකා කේන්ද්‍රයේ ලග්නෙ නැප්චූන් යන නිසාත් ‍ෙදාළහ අධිපති ශනි හයේ යන නිසාත් මේ අහන්නත් ආසා නැති දකින්නත් ආසා නැති දේවල් අපිට අහන්න දකින්න වෙලා කියලා. මොකද කරන්නේ ඕනෑම දෙයකට නරක නපුරු කාල එනවා.

බණ්ඩාරනායක මැතිනිය 1976දී නෙවල් ගඩාපිල (ගඩාෆි), ඉඩිහන්ල (ඉඩිඅමීන්) ගෙන්නල තිබ්බ සමුළුව වගේ සමුළුත් මේ වෙලාවෙ අපේ ඇඟ උඩ වැටිල තියෙන්නෙ හොඳ කාලෙට කියල හිතන්න එපා. මේකත් එදා වගේ නරක නපුරු කාලයට එන දේවල්.

බොහෝ දේවල් ආශීර්වාද වගේ ආවත් අවසාන වෙන්නෙ නොහිතන ආකාරයකට. ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නයේ ලැගුම්ගත් නැප්චූන් ශනි සමඟ එක්ව ඉදිරිය කෙසේ මෙහෙයවයිද කියල ඔබේ ප්‍රියතම 'මව්බිම' පුවත්පතෙන් කියන්න ඉදිරියෙත් බලා ඉන්නවා.

නාත්තණ්ඩියේ පී. ඩී. පෙරේරා

No comments:

Post a Comment