Saturday 10 August 2013

බර්ටි ආයෙත් මහ ඇමැති පුටුවට


අසූ ගණන්වල අනුරාධපුර පැත්තේ කපුටෙකුටවත් තමන්ගේ ඔළුව උඩින් යන්න නුදුන් මහින්දසෝම යුගයෙ අරුම පුදුම චරිතයක් විපක්ෂයෙන්  මතු වුණේ නොසිතූ අවස්ථාවක. මේ සුවිශේෂ චරිතය  මහින්දසෝමට මොනතරම් හිසරදයක් වුණාද  කිව්වොත් මට මහින්දසෝම හමු වුණ වෙලාවක කිව්වා උඹ කිව්වනේ පී.ඩී. එක මොහොතක් සැනසිල්ලේ ඉන්න නැති කාලයක් වුණා කියලා. කැත්තට පොල්ල වගේ හිටිය මේ චරිතය ඉතා කෙටි කාලයකින් අනුරාධපුර හොල්ලන   චරිතයක් බවට පත් වුණා. අප මේ වටින් ගොඩින් කතා කරන්නේ අන් කවුරුවත් ගැන නෙවෙයි උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා ගැනයි.
1954 ජුලි 15 වැනිදා ධනු ලග්නයෙන් පුවසල නැකතින් සිවුැනි පාදයෙන්  උපන් බර්ටි ප්‍රේමලාල්, ලග්නයේ කුජ රාහුත් හත් වැන්නේ බුධත් 11 වැන්නේ ශනිත් (උච්චව) බලවත්ව පිහිටා රටම කතා කළ චරිතයක් බවට පත්වුණ කෙනෙක්.

බය කියන එක අදටත් නොදන්නා බර්ටි උපතින්ම නායකත්වය අරන් ආපු ග්‍රහ බලයක් ඇති අයෙක්. පසුගිය කාලේ කේතුගෙන් පැවැති පීඩා නිසා පොඩි පසුබැසීමක් ඇති වුණත් ආයිත් තව මාසයක් හමාරක් ගිය පසු මහතැන්වලින්ම මහ පුටුවට ඔසවා තැබුවොත් පුදුම වන්න දෙයක් නැහැ. ඔය කේතු හැමදාම ඉන්නේ නැති බව ‘මව්බිම’ පාඨකයන්ට  අන්න එදාට  අවබෝධ වේවි. බලයේ දිගටම සිටින  විට කෙතරම් හොඳ චරිතයක් වුණත් අතගාන සුදු රෙද්ද වගේ ඉක්මනට අපවිත්‍ර වෙනවා. දැන් පැත්තකට දාලා හෝදලා මැදලා ගත්ත රෙද්දක් වගේ බර්ටිත් අනුරාධපුරයට නැති අඩුව බලවත් අයට දැනෙන දවස ළඟම ඒවි. ඒ ඔහුට සිකුරු අතුරු දශාව ලැබුවම බර්ටිගෙ අපූරු ග්‍රහ බලය වැඩ කරන හැටි අපි ඉදිරියේ බලා සිටිමු.

අපි අහලා තියෙනවා සිංහ තෙල් දාන්නේ රන් තැටියේ කියලා.
නමුත් අද රන් තැටිවල බොහෝ විට දාන්නේ උෟරු තෙල්. අන්න එහෙම යුගයක දේශපාලනයට  විතරයි අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත්තේ. අන්න ඒ නිසාම රටේ දේශපාලනයෙන් හොඳම ආදර්ශ පාඨය දීලා තියෙන්නේ කිසිම වැඩකට  සුදුසුකම් අවශ්‍ය නෑ කියලා. කේන්ද්‍ර  බලන්න එන අය අහනවා ඇයි මට සුදුසුකම් තිබිලා මේ තනතුරු ගන්න බැරි කියලා. සුදුසුකම් නැති අය රටක් පාලනය කරන විට සුදුසුකම් ගැන අහන ඔබත් එවැනි අය පත්කරලා ඇරලා කරන්නේ ලොකු වරදක් බව නොවැටහෙන්නේ ඇයි? මාධ්‍යවේදියො මා හමුවෙන්න නිතර එනවා. අදත් ආපු රූපවාහිනී මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ඇයි ඡන්දයට කතිරය (×) යොදා ගන්නේ කියලා. මං ඒ අයට කිව්ව රේස් කොලේ අශ්වයා තෝරනවා වගේ මේ ඡන්ද ක්‍රමේ අපට තියෙන්නෙ වඩා නරක නුසුදුසුම කෙනා තෝරන එක නිසා මෙයා තමයි ෆේල් කරන්න ඕන කියලා  කතිරය යොදනවා කියලා. හිටපු කවුරුත් මේ කතාව හරි කියලා ගොඩක් සතුටු වුණා. යම් දවසක අපේ රටෙත් හොඳම අපේක්ෂක ලිස්ට් එක  දාපු දවසක හරි ලකුණ යොදලා තමන්ගේ නියෝජිතයා  තෝරා ගන්න ලැබුණොත් අන්න එදාට අපේ රටත් ලෝකයේම ආශ්චර්යවත් රට වේවි.
දහ අතට ණය වුණු සදාචාරයක් නැති දුරාචාරය පිටුදැකිය යුතු අයම ඒවා රහසින් වැලැඳගෙන සිටින රටක හෙට දවස සොබාදහම  විසින් වෙනස් කරන තුරු ඔබටත් මටත් බලා ඉන්න සිදුවීම අවාසනාවක්.

No comments:

Post a Comment