2010 වර්ෂයේ ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද උස්සංගොඩ ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ විසි එක් වන ජාතික වනෝද්‍යානයයි...
කොලඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ,, කොලඹ සිට කතරගම දෙසට ගමන් ගන්නා විට හමුවන තංගල්ල නගරය පසුවී තවත් කිලෝ මීටර් 28ක පමණ දුරක් කතරගම දෙසට ගමන් කරන විට හමුවන නෝනගම හන්දියට යාබදව උස්සංගොඩ ජාතික වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගය පිහිටා ඇත...
එමෙන්ම උස්සංගොඩ ජාතික වනෝද්‍යානය, නැගෙනහිර දෙසින් කලමැටිය අභය භූමියට මායිම්ව පිහිටා තිබේ...
ස්වාභාවික සෞන්දර්යෙන් අති රමණීය වූ උස්සංගොඩ ජාතික වනෝද්‍යානය,, ජීව විද්‍යාත්මක, භූ ගෝල විද්‍යාත්මක මෙන්ම පුරා විද්‍යාත්මක අතින්ද වටිනාකමක් උසුලයි...
හින්දු ආගමික පුරාවෘත වලට අනුව උස්සංගොඩ යනු රාවණා රජු තම දඩුමොණර යානය ගොඩ බස්සන ලද ස්ථානයක් ලෙසද සැළකේ...
එමෙන්ම අභ්‍යාවකාශයෙන් කඩා වැටුනු විශාල උල්කාපාත කැබැල්ලක් මෙම ස්ථානයේදී පොළව හා ගැටී ඇති බවටද ඇතම් මිනිසුන් අතර මතයක් පවතී...
මෙම වනෝද්‍යාන භූමියේ පසෙහි ඇති සුවිශේෂි තද රතු පැහැය, බොහෝමයක් අතර මෙම මතය ඇති කිරීමට හේතු සාධක වී තිබෙනවා...
නමුත් විද්වතුන්ගේ මතය වී ඇත්තේ,, මෙම වනෝද්‍යාන භූමියේ පස අධික ෆෙරික් ඔක්සයිඩ් සාන්ද්‍රණයකින් යුක්ත වීම, මෙම තද රතු පැහැය ඇති වීමට මූලිකම හේතුව බවයි...
තවද කැස්බෑවන් තම අභිජනන ක්‍රියාවලිය සදහා පැමිණෙන, කැස්බෑවුන් බෙහෙවින් බිත්තර දමන වෙරළ තීරයක් ලෙස උස්සංගොඩ ජාතික වනෝද්‍යානය ආශ්‍රිත වෙරළ තීරය හැදින්වේ.

No comments:
Post a Comment