Saturday 10 August 2013

අලුත් පාතාල කල්ලි කීපයක්



යළි හිස ඔසවමින් තිබෙන අලුත් පාතාල කණ්ඩායම් කීපයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ භාර උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ හමුදාවෙන් පලාගිය සහ රැකියා නොමැතිව සිටින විවිධ අපරාධවලට සම්බන්ධ වී බන්ධනාගාරවලින් නිදහස්ව සිටින පිරිස් සඳහා රහසිගතව බඳවා ගැනීමට පාතාල කණ්ඩායම් කටයුතු කරගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවයි.

පිටස්තර ප්‍රදේශවල සිටින පාතාල නව සාමාජිකයන් සඳහා ඇතැම් දේශපාලනඥයන්ගේ සහාය ලැබී ඇති බවටද රහස්‍ය තොරතුරු ලැබී ඇති බවද එම නිලධාරියා පැවැසීය. ඒ පිළිබඳ රහස්‍ය වාර්තා සකස්කර ගැනීමෙන් පසු තරාතිරම නොබලා ඔවුන් එක්වර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණයක් ගෙන තිබේ.

No comments:

Post a Comment