බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඌව වෙල්ලස්ස ප්‍රදේශවල ගම්පාළු
ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඉතා ක්‍රෑරලෙස මරාදැමූ තරුණයින් අතර මද්දුම
බණ්ඩාර වැනි වීර චරිත කොතෙකුත් ඉන්නට ඇතැයිද, එහෙත් අපේ පොත්වලට ඔවුන්ගේ
නම් ඇතුළත් නොවී සිංහල රජතුමා විසින් මරාදැමූ බව කියන මද්දුම බණ්ඩාරගේ නම
පමණක් ඇතුළත් වූ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කෝට්ටේ,
ආනන්ද බාලිකා විද්‍යාලයීය සිසුවියන්ගේ කලා කුසලතා එළිදැක්වෙන “අනඳ රඟසර සොබා – 2013”
විවිධ ප්‍රසංගයට සහභාගී වෙමිණි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන,
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ යන
මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ අපත් අපිට පෙරසිටි අපේ වැඩිහිටි පරම්පරාවත් අපේ පොතපතින් ඉතිහාසය හදාරන විට අපට හමුවූ මුල්ම වීර චරිතය තමයි මද්දුම බණ්ඩාර කියන්නේ. හැබැයි ගම්පාළු ප්‍රතිපත්තිය අනුගමනය කළ බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන් අපේ හරකබාන, වතුපිටි, කුඹුරු,වගා ටික පවා විනාශ කළා. නැතිනම් ගිනිබත් කළා. ඒ වගේම තරුණ වයසේ සිටි සියළුදෙනාම ඝතනය කළා. එදා ඒ සුදු අධිරාජ්‍යවාදීන් දියත්කළ ඉතා අසාධාරණ ප්‍රතිපත්තියට විරුද්ධව අපි කළ සටනේ මද්දුම බණ්ඩාරට වඩා වීර චරිත තව කොතෙකුත් ඉන්න ඇති.මොකද? එහෙම නොහිටින්න විදිහක් නැහැ. එහෙත් අපේ පොතට ඒ එක දරුවෙක්ගේවත් කතාව ආවේ නැහැ. ඒ වෙනුවට අපේ පොතට ආවේ අපේ රජතුමා විසින් කළා යැයි කියන අපරාධයක් සම්බන්ධ සිද්ධි පමණයි.
රජකාලේ දඩුවම් කියලා කියන්නේ මේ කාලේ දඩුවම් නොවෙයි. ඒ කාලේ දඩුවම් තේරුම්ගත යුත්තේ ඒ කාලේ පැවති වාතාවරණය තුළ සිටගෙනයි. පුවක් ගස් දෙකක් එකට එක්කොට ගැටගසා එය දෙපැත්තට මුදාහැර දෙකට ඉරාදමන දඩුවමක් අතීතයේ ක්‍රියාත්මක වී තියෙනවා. ඒ වගේ දඩුවම් අපේ රටේ පමණක් නොවෙයි තත්කාලීන යුගයේ කොයි කොයි රටවලත් සමාන දඩුවම් ක්‍රම ක්‍රියාත්මක වී තියෙනවා. ඒ කාලේ රාජද්‍රෝහීන් වුණු අයට ඔවුන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වලටත් බලපාන අයුරින් තමයි දඩුවම් ක්‍රියාත්මක වුණේ. ඒ එම යුගයේ පැවති සම්ප්‍රදාය.
ඒත් අපේ පොතට එන්නේ රාජසිංහ රජතුමා විසින් ඝාතනය කළා කියන මද්දුම බණ්ඩාර පුතා පමණයි. සුද්දෝ මරාදමපු වෙල්ලස්ස ප්‍රදේශයේ සිටි දස දහස් ගනණක ජනතාවගෙන් කෙනෙක්ගේවත් ඒ දරුවෙක්ගේ කතා පුවතක්වත් අපේ පොතට පැමිණ නැහැ. ඇහැලෙපොළ කුමාරිහාමිටත් වඩා ධෛර්යවන්ත, බලසම්පන්න අම්මාවරුන් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් බැට කෑ ඒ පිරිස් අතර ඉන්න ඇති. ඒ එක අම්මා කෙනෙක්ගේ චරිතයක්වත් අපේ ඉතිහාස කතා පොතට එකතුවෙලා නැහැ.
එතනින්ම අපට පේනවා රාජසිංහ රජතුමාගේ ක්‍රෑරත්වය, එතුමාගෙන් සිදුවූවාය කියන එක සිද්ධියක් හරහා උළුප්පා දක්වනවා. එසේ සිදුකරන සුදු අධිරාජ්‍යවාදීන් කියන්නේ ඔවුන් ලංකාවේදී කොල්ලකන ලද අපේ රාජ්‍යත්වය හොඳයි කියායි. එසේම සුදු අධිරාජ්‍යවාදීන් උඩරට ප්‍රදේශ ආක්‍රමණය කරන්නේ ක්‍රෑර රාජසිංහ රජුගේ සැහැසි පාලනයෙන් උඩරට ජනතාව බේරගන්න කියා. ඒක හරියට ඔවුන් වර්තමානයේදී ප්‍රකාශ කරන මානව හිමිකම් ආරක්ෂා කරදීමට ඔවුන් අපේ රටවලට එනවාය කියන කතාවට සමානයි. ඒ අයට ඕන දේවල් අපේ පොත් ඇතුළට ආවා. අපිත් තාමත් ඔවුන්ට ඕන දේවල්ම කර තබාගෙන යනවා.
අපි අද වන විට බොහෝ පැතිවලින් ඉදිරියට ආවත් සුදු අධිරාජ්‍යවාදීන් විසින් මේ පොළොව ගිලගන්නට පෙර අප සතුව පැවති අපේ ශක්තීන්ට යළි පණදීමට අපට තවමත් බැරිවී තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරියක් හා ඇයගේ පර්යේෂණ කණ්ඩායමක් බලංගොඩ ප්‍රදේශයේ පැරණි වානේ උඳුනක් සොයාගෙන අපේ පැරණි තාක්ෂණය යොදාගනිමින් වානේ උණු කරනවා. අපේ ඉතිහාසය අධ්‍යනය කිරීමේදී පැහැදිලිවෙන කාරණය තමයි අපි අවුරුදු 4000 කට පෙර අපි වානේ නිෂ්පාදනය කළ ජාතියක්. වානේ නිෂ්පාදනය කළ ලොව මෙතෙක් හමුවූ විශාලතම උඳුන හමුවී තිබෙන්නේ ලංකාවෙන්. එය කටවල් 8 ක උඳුනක්. ඊළඟට විශාලම උඳුන හමුවන්නේ කැනඩාවේ . එහි තියෙන්නේ කටවල් 6 ක් පමණයි. එහෙත් ඉංග්‍රීසි මහාචාර්යවරියක් ඇවිත් බලංගොඩ ප්‍රදේශයෙන් ඒ උඳුන සොයාගන්නා තුරු අපේ අධ්‍යාපනයට එය හොයාගන්න බැරිවුණා. එයින් පැහැදිලිවන්නේ අපේ මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් අපේ අතීත දැනුම වර්තමානයට ගලා නොඑන බවයි. ඒ අනුව අතීතයේ වානේ උණු කළ තාක්ෂණික දැනුම අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපට ගලා ආවේ නැහැ.
අපේ අතීත පරම්පරාව සතුව ඉතා විශාල ශිල්පීය දැනුමක් තිබුණා. ලංකාවේ සෑම පුරවැසියෙක්ම වෛද්‍යවරයෙක් කියලා එදා රොබට් නොක්ස් කිව්වේ ඒ නිසා. එදා වෛද්‍ය දැනුම පවා තිබුණේ සමාජ ගතවෙලා. ඒ අනුව අපේ තිබුණෙ සමාජගතවූ දැනුම් සම්භාරයක්. සුදු අධිරාජ්‍යවාදීන් අපේ ඒ සම්ප්‍රදායික දැනුම අපෙන් ගිළිහෙන්නට කටයුතු කළා. එපමණක් නෙවෙයි ඔවුන් ඔවුන්ගේ සියළු සම්ප්‍රදායන් මේ රට මත පැළ කළා. එහෙම පැළ කළ දේවල්වලින් පැළ වූ දේවල් තියෙනවා. පැළ නොවුණු දේවල්ද තියෙනවා. ඒවා එසේ පැළ වුණත් අපි ඒ සියල්ල පැළ වුණු ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඒ නිසා අද අපට අවශ්‍ය මේ සිදුනොවුණු වෙනස ඉල්ලන දරු පරම්පරාවක් නිර්මාණය කර ගැනීම. අද වෙනකොට ගොඩක් අය හිතාගෙන ඉන්නේ සුද්දා තමයි ලෝකෙට ශිෂ්ටාචාර සියල්ල දායාද කළේ කියලා. ඒ නිසාම මේ ළඟදී කෙනෙක් මගෙන් අහනවා කලිසම සුද්දගේ නෙවෙයිද කියලා. මම ඔහුට කිව්වා අපේ හිටපු රජවරු ඇඳපු ඇඳුම මොකක්ද කියලා පිරික්සලා බලන්න කියලා. අපේ උඩරට සිටි නිළමෙවරු ඇඳපු නිළමේ ඇඳුමේ යටට අඳින්නේ කලිසමක් නෙවෙයිද? දාන්නේ සපත්තුදෙක නෙවෙයිද? ඒක සාමාන්‍ය ජනතාවගේ ඇඳුම වුණේ නැහැ. එහෙත් ප්‍රභූවරුන්, රජවරුන් සුද්දන් ලංකාවට එන්න කලින් නිර්වස්ත්‍රව හිටියේ නැහැ. ඔවුන් කලිසම් ඇන්දා, සපත්තු දැම්මා. අපේ ජාතික කෞතුකාගාරයට ගියොත් මේ පිළිබඳව වැඩියෙන් තොරතුරු හොයාගන්න පුළුවන්.
සකපෝරුව කරකවන ගමන් මැටි බඳුනේ වර්ණ ආලේප කිරීමට තරම් දියුණු තාක්ෂණයක් තිබුණු දැනට අවුරුදු 4000 කට වඩා පැරණි ජනාවාස පුරාවිද්‍යාඥයින් විසින් උඩරට ප්‍රදේශවලින් මේ වන විට සොයාගෙන තියෙනවා. ඒ වගේම ඒ තරම් ඈත කාලයකදී ඉතා දියුණු අවමංගල චාරිත්‍ර පැවැත්වූ ජනතාවක් ශ්‍රී ලංකාවේ වාසයකොට තියෙනවා.
අද පළවන එක්තරා පුවත්පතක නළු නිළියන්ගෙ, කලාකරුවන්ගේ විවිධ ප්‍රවෘත්ති පළවන විශේෂ අතිරේකයක් තියෙනවා. එහි එක්තරා විශේෂාංගයක් තියෙනවා කලා ක්ෂේත්‍රයට පැමිණි නවක නළු නිළියන්ගෙන් ප්‍රශ්න පත්‍රයක් අසා ඔවුන්ගේ පිළිතුරු පළකරන. ඒකේ දීලා තියෙන උත්තර ගැන මම මෙතන කියන්න යන්නේ නැහැ. එහෙම කිව්වොත් මම ඒ උත්තරේ දුන්නුකෙනා ගැන කිව්වා වෙන නිසා. එහෙත් ඒ විශේෂාංගයේ ඇතැම් නවක නළු නිලියන් ලබාදීලා තියෙන පිළිතුරු දිහා බැලුවහම අපට පේන්නේ එතන ඉන්න සමහරුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හා අධිවේගී මාර්ගයේ වෙනස නොදන්න බවයි.
ඒ අනුව පෙනීයන්නේ අපේ රටේ මුළුත් සමඟ පෙරළියක් අපේ දරුවන් තුළ තවම සිදුනොවූ බවයි. නර්තන කලාව ගත්තත් රංගන කලාව ගත්තත් අපිට අනන්‍ය වූ ශිල්පීය සම්ප්‍රදායක් අපිට තියෙනවා. ඒ නිසා අද වන විට මේ රටට අවශ්‍ය වන්නේ අපේ මුල් හදාගන්නා ගමනක් නිර්මාණය කිරීමයි. අපේ දරුවන්ගේ මනස ඒ සඳහා වැඩි වැඩියෙන් විවෘත විය යුතුයි. එසේ වුණොත් ඒ අභියෝගය ජයගැනීමට මේ පරපුරට හැකියාව ලැබෙයි.
අද අපි බැලුවොත් රෑට පීසා කාලා නිදාගන්න තරුණ පරම්පරාවක් නිර්මාණයවෙලා තියෙනවා. යුරෝපයේ අද බැලුවොත් 50% වඩා පිළිකා. ඔබ දකින්නට ඇති එක්තරා වාර්තාවක් තිබුණා ඇන්කර්, ෆොන්ටෙරා වගේ සමාගම්වල කිරිපිටිවල විෂ රසායන ද්‍රව්‍ය අඩංගුවෙලා තිබුණා කියලා. දැනගැනීම පිණිස ඒවායේ නම් වලින්ම කියවිය යුතුයි. එහෙත් ලංකාවේ පැලවත්ත, ඇතුළු දේශීය කිරිපිටි වර්ග කිහිපයක ඒ විෂ රසායනික ද්‍රව්‍ය නැහැ. එහෙත් අපේ අය ඒවා නෙවෙයි බොන්නේ. රූප සුන්දරියන් ඇඟ කෙට්ටු කරගන්න බලපෑව කියන විස සහිත දේවල් තමයි අපි බොන්නේ. පැලවත්තේ සමාගම ලංකාවටම හරියන බටර් ටික හදාගෙන ගියා. ඒත් අපේ රටේ අය කන්නේ ලංකාවේ බටර් නෙවෙයි. පිටරට බටර් එක තමයි වැඩි ගාණක් දීලා කන්නේ.නවසීලන්තය වගේ රටවල හරකුන්ට කන්න දෙන තණකොළ ඉතා වේගයෙන් වවන්න මිනිස් ශරීරයට අහිතකර විෂ රසායන ද්‍රව්‍ය ඒ තණකොළ සඳහා එකතු කරනවා. ඒත් ඒ නවසීලන්තේ වැවෙන තණකොළ කාපු හරකාගෙන් ආව කිරි කිව්වහම තමයි අපේ අය බොන්නේ. ඇඹිලිපිටියේ තණකොළ කාපු එළදෙනගේ කිරි අපේ මිනිස්සු බොන්නේ නැහැ. මේකට කියන්නේ වඳපීදුන චින්තනය කියලා. මේකෙන් කිසිඳු ඵලයක් ලැබෙන්නේ නැහැ. මේ තුළින් කිසිම නව නිර්මාණයක් කරන්න බැහැ.
තමන්ගේ දෙයට ගරහා කළ කිසිම රටකට ලෝකයේ නැගිටින්නට ලැබී නැහැ. තමන්ගේ මූලයන් නිවැරදිව සොයා නොගත් කිසිම රටක් ලෝකයේ ඉදිරියට පැමිණ නැහැ. තමන්ගේ උරුමය මත හිට නොගත් කිසිම රටක් ගොඩ නැගී නැහැ ” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා “ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සෞන්දර්ය ගුරුවරුන් 3154 දෙනෙකුට එකවර පත්වීම් ලබාදුන් එකම ආණ්ඩුව මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි. ඒ ගුරුවරුන් ලංකාවේ සෑම ප්‍රදේශයකම පාසල් පද්ධතියට නව උද්යෝගයක්, අලුත් ජීවයක් මේ වන විට ලබාදෙමින් තියෙනවා. ඒ නිසා ඈත එපිට ගම්මානවල පාසල් වලත් අගනුවර ජනප්‍රිය යයි සම්මත පාසල් වලත් විවිධ කලාකටයුතු, විවිධ ප්‍රසංග වැඩි වැඩියෙන් නිර්මාණය වන ප්‍රවණතාවයක් වර්තමානයේ තිබෙනවා. ඒ නිසා දරුවාට සංවරය, සාමූහික බව, සංයමය කියාදෙන මේ කලාව හා සෞන්දර්ය වැඩි වැඩියෙන් පාසල් දරුවන් තුළ ප්‍රවර්ධනය කිරීම වැදගත් වෙනවා ” යනුවෙන්ද පැවසීය.

No comments:
Post a Comment