Tuesday 13 August 2013

මාතරින් ඕස්ට්‍රේලියාවට



උතුරු නැගෙනහිර පිරිස් හොරෙන් ඕස්ට්‍රේලියාවට යැවීමට මුල් වූ බව කියන ත්‍රිකුණාමල ව්‍යාපාරිකයෙක්, නාවික සංඥා උපදේශකවරයකු, සංඥාකරුවන් දෙදෙනකු හා සුළු සේවකයකු ඇතුළු 16 දෙනෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ත්‍රිකුණාමලය, යාපනය, මඩකලපුව, කන්තලේ කලවංචිකුඩි හා කල් කුඩාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතරින් ත්‍රිකුණාමලයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් දින 11ක් වෙස් වලාගෙන සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවය.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික හපුගොඩ මහතා ඇතුළු පිරිස රක්ෂණ නියෝජිතයන් හා වාහන සීසර්ලා ලෙස ත්‍රිකුණාමලයේදී තොරතුරු රැස් කරගෙන ඇත.
මේ පිරිස කොටි සැකකරුවන් ද මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යවා ඇති බවත් ඕස්ට්‍රේලියාවට යන අයගෙන් ඔවුන් මුදල් අය කර ඇති බවත් පොලිසිය පවසයි.
 

No comments:

Post a Comment