දැනට
ගරු විපක්ෂ නායකතුමා රටින් බැහැරව සිටින අතරල එතුමා විසින් එක් ජාතියක්
වශයෙන් ජීවත්වීමට ශ්‍රී ලාංකික ජනතාව බලගැන්වීම සඳහා වන දේශපාලනික හා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ කොට වාර්තා කිරීම
සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් එක්සත් ජාතික
පක්ෂයේ ස්ථාවරය පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් නිකුත් කරනු ඇත.
ඒ අතරල ම විසින් පක්ෂ නායක රැස්වීමේදී එජාප ස්ථාවරය සම්බන්ධයෙන් කෙටි ප්‍රකාශයක් කිරීමට භාර ගන්නා ලද අතරල මෙම ප්‍රකාශය එයට අනුගාමීව සිදු කෙරෙන්නකි.
2009 මැයි මස ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ගෙන එන ලද යෝජනා සම්මතයෙන් හා එගජාග මහ ලේකම් බැන් කි මූන් මහතා ශ්‍රී ලංකාවෙහි කළ සංචාරයෙන් පසුව එගජාග මහ ලේකම්වරයා හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතරල ඒකාබද්ධ ප්රකාශනයක් නිකුත් කරන ලද අතරල එහිදී මහලේකම්වරයා විසින් ශ්‍රී ලංකාව තුළ කල් පවත්නා සාමයක් හා සංවර්ධනයක් ඇති කරලීම සාදරයෙන් පිළිගනිමින්ල අනෙකුත් කරුණු අතරල මෙසේ ප්‍රකාශ කරන ලදී.
රජය විසින් ස්වකීය වැඩසටහන් හරහා උතුරුකරයේ ජනතාව ආර්ථික හා දේශපාලනික වශයෙන් බලගැන්වීම සහතික කිරීමෙහිලා තම කැපවීම ප්‍රකාශ කරන ලදී.
සියලු ප්රජාවන්ගේ අපේක්ෂාවන් හා දුක් ගැනවිලි ආමන්ත්‍රණය කරමින් කල් පවත්නා දේශපාලනික විසදුමක් කරා අවශ්‍ය කටයුතු කිරීම දීර්ඝ කාලීන සමාජ ආර්ථික සංවර්ධනය සහතික කිරීමෙහිලා මූලික වශයෙන් අවශ්‍ය වන්නේය යන්න පිළිබඳව රාජපක්ෂ ජනාධිපතිවරයා හා මහලේකම්වරයා විසින් එකඟවන ලදීග සියලු ජනකොටස්වලට පිළිගත හැකි ජාතික විසඳුමක් ක්‍රමානුකූලව ගොඩනගනු ඇති බවට 2009 මැයි 19 වන දින පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයේ අන්තර්ගත සහතිකය මහලේකම්වරයා විසින් සාදරයෙන් පිළිගන්නා ලදීග මෙම ක්‍රියාවලිය තවදුරටත් නංවාලීම සඳහා සහ ශ්‍රී ලංකාව තුළ කල් පවත්නා සාමයක් හා සංවර්ධනයක් ඇති කරලීම සඳහා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයාම මෙන්මල නව තත්ත්වය තුළ දෙමළ පක්ෂ ද ඇතුළත්ව සියලු පක්ෂ සමග වඩාත් පුළුල් සංවාදයක් ආරම්භ කිරීම විෂයයෙහි පවත්නා ස්වකීය දැඩි අධිෂ්ඨානය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
- 02 -
උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව විසින් වාර්ගික ගැටළුවට අදාළ විසඳුම් හා ඒ ආශ්රිත කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ලබා දෙන ලදීග
මෙම තත්ත්වය තුළ 13 වන සංශෝධනයේ පරාසය පුළුල් කිරීම සඳහා සහ අධිකරණල පොලිස්ල රාජ්‍ය සේවාල මැතිවරණ ආදී වශයෙන් වූ තීරණාත්මක ක්ෂේත්රයන් සම්බන්ධයෙන් පිහිටුවා තිබු ස්වාධීන කොමිෂන් සභා ඉවත් කරනු ලැබූ 18 වන සංශෝධනය අහෝසි කිරීම සඳහා වූ ප්‍රතිඥා විය.
මෙම ආණ්ඩුව විසින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ සම්බන්ධයෙන් මෙන්ම එගජාග මහලේකම්වරයා සමග කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ දක්වා ඇති ප්‍රතිඥා සම්බන්ධයෙන් ද පෙන්වා ඇත්තේ අසාර්ථකත්වයක් පමණි.
මෙම තත්ත්වය නොසළකාල අනෙකුත් කරුණු අතරල මැතිවරණවලට පෙර 17 වන සංශෝධනය නැවත බලගැන්වීමල උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් පත්කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්ෂනායකතුමා විසින් අතිගරු ජනාධිපතිතුමාගෙන් 2013 ජුනි 12 වන දින ලිඛිතව ඉල්ලීමක් කරන ලදී.
ජනාධිපතිතුමා මේ දක්වාම මෙම ලිපියට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වී ඇතග එම ලිපියේ පිටපතක් සභාගත කරමි.
මෙම පසුබිම තුළල හුදෙක් මෙම කරුණුම සළකා බැලීම සඳහා නැවතත් මුල පටන්ම විශේෂ කාරක සභාවක් පත්කිරීමේ අවශ්‍යතාව කුමක් ද යන්න එක්සත් ජාතික පක්ෂයේ අපට නම් නොවැටහේ.
අපට දැන් අවශ්‍ය වන්නේ දැනටමත් කර ඇති නිර්දේශ හා ප්‍රතිඥා ක්‍රියාත්මක කරන ආකාරය පනවන්නා වූ සවිස්තරාත්මක ධවල පත්‍රිකාවක් පමණි.
No comments:
Post a Comment