Wednesday 21 August 2013

ළමුන් යොදා ගෙන අශ්ලීල කාම ප්‍රකාශන නිර්මාණ.......?




අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර ගුරුවරුන් කීප දෙනකු සහ නීතිවේදියකු ද සිටින බවයි, වාර්තා වන්නේ.
ළමුන් යොදා ගෙන අශ්ලීල කාම ප්‍රකාශන නිර්මාණය කරන ජාත්‍යන්තර කල්ලියක් ගැන තොරතුරු අනාවරණය කර ගත් බව දකුණු අප්‍රිකාවේ පොලිසිය ප්‍රකාශ කරයි.
රට පුරා සැක කටයුතු තැන් පහළොවක් වටලෑමේදී හය දෙනකු අත්අඩංගුවට ගත් බව දකුණු අප්‍රිකානු පොලිසිය විසින් නිවේදනය කරනු ලැබ ඇත.
අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර ගුරුවරුන් කීප දෙනකු සහ නීතිවේදියකු ද සිටින බවයි, වාර්තා වන්නේ.
ඉහත කී කණ්ඩායම උතුරු ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ තවත් යුරෝපා රටවල් කීපයක ජාවාරම් කරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට ද සැක මතු ව ඇත.
ජාවාරම් කරුවන්, ඔවුන් ගොදුරු කර ගත් දරුවන් ඉතා ම දරුණු මට්ටමේ වධ හිංසාවන්ට ලක් කරන ආකාරය දැක්වෙන අවස්ථා ඇතුළත් දර්ශන සොයා ගැනීම සඳහා පොලිස් පරීක්ෂකයන් පොත්පත්,ඩීවීඩී,සහ පරිගණක උපකරණ ආදිය අත්අඩංගුවට ගෙන ඇති බවත් දකුණු අප්‍රිකාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

No comments:

Post a Comment