Monday 12 August 2013

බිත්තර සරත්ගේ හැමර් රථය දයාසිරිට ,විනිල් මැණික් මුදලාලිගේ හැමර් රථය ජේ.සී.අලවතුවලට ,නාමල් රාජපක්ෂගේ හැමර් රථය ජොහාන් ප්‍රනාන්දුට



මෙවර වයඹ ඡන්දය ඉතාමත් තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර  නොවේ. සටන ඇරඹී ඇත්තේ නිදහස් සන්ධානයේම අපේක්ෂකයින් අතරයි.  එජාපයේ සිටි දයාසිරි ජයසේකර මහතා නිදහස් සන්ධානයට එක්වීමත් සමග මෙම සටන තවත් උත්සන්න වී තිබෙනවා. 

මනාප පොරය නිසාම දැන් මේ අපේක්ෂකයින් තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා විවිධාකාර ක්‍රම යොදා ගන්නවා. එජාපයෙන් සන්ධානයට එක්වුනු දයාසිරි ජයසේකර මහතා වයඹට සිරිය ගෙනෙන්නේ හමර්වර්ගයේ මෝටර් රථයකින් මැතිවරණ රාජකාරි කටයුතුවල නියැලෙමින්. 

සාමාන්‍යයෙන්හමර්වර්ගයේ ජීප් රථයක් රුපියල් කෝටි 07 ක් පමණ වනවා. මෙම හැමර් රථය දයාසිරි මහතාට මැතිවරණ රාජකාරි සඳහා ලැබී ඇත්තේ බිත්තර ව්‍යාපරිකයකු වන සරත් රත්නායක නැමැති පුද්ගලයා විසින් බවයි ආරංචිය.

මේ දවස්වල හැමර් පදින්නෙ දයාසිරි මහතා පමණක් නොවේ. කුරුණෑගල එජාප අපේක්ෂකයකු වන ජේ.සී.අලවතුවල මහතාද මැතිවරණ කටයුතු වල යෙදෙන්නේ හැමර් රථයකින්. කෙසේ වෙතත් අලවතුවල මහතාගේ දියණිය විවාහ වී සිටින්නේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික විනිල් මැණික් මුදලාලිගේ ප්‍රත්‍රයාත් සමගයි. 

තත්වය මෙසේ තිබියදී මෝටර් රථ ධාවනයට ඉමහත් රුචිකත්වයක් දක්වන තාරුණ්‍යයට හෙටක් නිර්මාතෘ නාමල් රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ කණ්ඩායමේ ගමන් බිමන් සඳහා හමර් රථ යොදා ගැනීමට ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාත් කටයුතු යොදමින් සිටිනවා. 

දැන් වයඹ ජනතාවට මේ පළාත් සභා ඡන්දයේදී වෙනසකටත් එක්ක විවිධ පැහැයෙන් යුත් හමර් රථ දැකගන්නට ලැබෙනු ඇත. අඩුම තරමෙ හමර් රථ දැකගැනීමේ ආශාව තිබූ වයඹ ජනතාවට මේ ඡන්දෙදි ඒ ආශාවවත් ඉටු වේවි

No comments:

Post a Comment