Monday 12 August 2013

‘පිහිනීම තහනම්’ කියා හම්බන්තොට වරායේ දැන්වීම් ගහලා

‘පිහිනීම තහනම්’ කියා දැන්වීම් හම්බන්තොට වරායේ මේ වන විට ගසා ඇති බව බදුල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ දකුණු කොළඹ වරාය විවෘත කරන විට ශ‍්‍රී ලංකා ජාතික ගීය ගායනා නොකළ එකම උත්සවය බවයි.
වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට විලි වසා ගැනීමට ක්‍රමයක් නොමැතිවීම හේතුවෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ යැයි ප්‍රකාශ කරන බවත් පැවසූ ඔහු බොන්නට වතුර ටිකක් ඉල්ලන ජනතාව ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් වන්නේ කෙසේදැයි ප්‍රශ්න මතුවන බවද පැවසීය.
ග්‍රෑන්ඩ්පාස් සිද්ධියට වගකිව යුත්තන් වහාම අත්අඩංගුවට ගතයුතු බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මේ වන විට එ.ජා.ප.යේ රතු කට්ට පැන ඇති බවත්, ලබන බදාදා දින සිට එ.ජා.ප.ය පාරට බසින බවත් වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment