Monday 12 August 2013

මේ රටේ ඇති ආර්ථිකය විනාශ කරන්නේ මේ රටේ ජිවත්වන හත්අටදාහක් පමණ වු පාලකයා සහ ඔහුගේ අනුගාමික ගැත්තෝ පිරිසක්





මේ රටේ ඇති ආර්ථිකය විනාශ කරන්නේ මේ රටේ ජිවත්වන හත්අටදාහක් පමණ වු පාලකයා සහ ඔහුගේ අනුගාමික ගැත්තෝ පිරිසක් බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කර සිටියේ කුරුණෑගල පැවති මැතිවරණ රැස්විමකට එක් වෙමිනි. එහිදි ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේ අපි කොච්චර පුරසාරම් දෙඩුවද ,කොපමණ බොරු ප්‍රකාශ කලද මේ රටේ ආරථිකය එන්න එන්නම පල්ලෙහට යන බවයි. මේ රටේ පාලකයින්ට කිසිදු දැක්මක් නොමැති බවත් ආර්ථිකය පිලිබද කිසිදු සැලැස්මක් නොමැති බවත් ෆොන්සේකා මහතා මෙහිදි අවධාරණය කර සිටියා. පසුගිය අවුරුදු 07 ඇතුළත මේ රටේ කර්මාන්ත ශාලා 400 පමණ වසා දමා ඇති අතර පොල් කර්මාන්ත ශාලා 23 කින් අද ඉතුරුවි තිබෙන්නේ පොල් කර්මාන්ත 11 පමණක් බවද ෆොන්සේකා මහතා පෙන්වා දුන්නා. වයඹ කියන්නේ පොල් ත්‍රිකෝණය බවත් ඒවා අද වන විට වැසීම කණගාටුවට කරුණක් බවද ෆොන්සේකා මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment