ඇත්තටම මෙම දැනීම ගඳක්ද, සුවඳක්ද යන්න නිගමනයකට එන්නට බැහැ. අප තුළ මානසික ලෙස මුල් බැස ඇති සංවේදනයක් අනුව එය ගඳක් ලෙස විස්තර කරනු ලබනවා. ඒ වගේම එය අක්‍රිය කිරීමටද පුරුදු පුහුණුව වී තිබෙනවා. (Perceived as unpleasant)ශරීර දුඟද බොහෝවිට ඇතිවන ස්ථාන ලෙස පා යුගල, ඉකිලිය, කිහිලි ප්‍රදේශ, ලිංගේන්ද්‍රිය ආශි‍්‍රත ප්‍රදේශ රෝම ආශි‍්‍රත ප්‍රදේශ, ගුදය ප්‍රදේශය කන පිටුපස ප්‍රදේශය සහ කලාතුරකින් අනිකුත් ප්‍රදේශ දැක්විය හැකි වෙනවා.
මෙම දුඟද එක් එක් පුද්ගලයාට විශේෂිත හා ආවේනික වෙනවාට අමතරව බල්ලන් වැනි සතුන්ට එය පහසුවෙන් හඳුනාගත හැකි වෙනවා. ඉව ලෙස හඳුන්වන මෙය ඉතා ප්‍රයෝජනවත් වනවා. ඒ වගේම ශරීර ගඳ අප ගන්නා ආහාර, ස්ත්‍රී පුරුෂ භාවය, රෝග තත්ත්වයන් හා ඖෂධ වර්ග අනුව වෙනස් වන බැව් සඳහන් කළ යුතු වෙනවා.
විශේෂයෙන් දැක්විය යුතු කරුණක් වන්නේ කිහිලි, ඉකිලි හා පියයුරු තුඩු ආශි‍්‍රත ප්‍රදේශවල ඇති කිසියම් වර්ගයකට අයත් ශ්වේද ග්‍රන්ථි විශේෂයක් (Apocrine glands) මඟින් ස්‍රාවය කරනා ආවේනික ගන්ධය ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය කෙරෙහි බලපෑමක් ඇති කරනු ලබනවා.
මෙම ස්‍රාවයන් “ෆෙරමෝන්” Pheromones ලෙස විස්තර කරණු ලබනවා. පුද්ගලයන් අතර සම්බන්ධයන්ට හා ආකර්ශනයන්ට මේවා මඟින් යටිහිතට බලපෑම් එල්ල කරනු ලබනවා. ඒ වගේම මෙම වර්ගයට අයත් දහඩිය ග්‍රන්ථි වලින් ස්‍රාවය කරන දහඩිය තුළ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි නිසා, බැක්ටීරියා විෂබීජ ඒවා මත ක්‍රියාකිරීම පහසු වන නිස, “ශරීර ගඳ” ඇතිවීමට වැඩි දායකත්වයක් දක්වනවා.
බැක්ටීරියා, දහඩිය තුළ ඇති ප්‍රෝටීන් මත ක්‍රියාකර අතුරු ඵල වර්ග දෙකක් ප්‍රධාන කොට සාදනවා. Propionic acid ඉන් එක් වර්ගයක්, රසායනිකව මේවා විනාකිරි වලට සමාන නිසා එවැනි ගඳක් මෙමඟින් වහනය වෙනවා. අනික් ඵලය වන්නේ Isovaleric acid යන අම්ලයයි.
ශරීර දුඟද සාමාන්‍ය හා ස්වභාවික දෙයක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. නමුත් එය සීමාව ඉක්මවා ඇතිවිට හා විශේෂයෙන් තමන්ගේ සමීපතමයන් විසින් පවසන විට ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වනවා. මේ සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර විධි කිහිපයක් ගැන සරලව විමසා බලමු.
“කිහිලි” ප්‍රදේශය ශරීර දුඟද ඇති කිරීමට බොහෝ සේ ඉවහල් වන නිසා ඒ ආශි‍්‍රතව සිදු කළ යුතු කාර්යයන් කිහිපයක් වනවා. ඉන් ප්‍රධාන වන්නේ සබන් යොදා නිතර පිරිසිදු කිරීමයි. මේ මඟින් බැක්ටීරියා ගහනය පාලනය මඟින් “අම්ල” සෑදීම අඩු වෙනවා. ප්‍රයෝගිකව වැදගත් කරුණක් වන්නේ විවිධ වූ ඖෂධ අඩංගු සබන් හා ආලේපන ගැන සැලකිලිමත් වීමයි.
මේ මඟින් ශරීරය මත රැඳී සිටින අනෙකුත් බැක්ටීරියාද විනාශ වීම මඟින්, දහඩිය දුඟද ඇති කරන බැක්ටීරියා ගහනය වැඩි වීමට ඉඩ ප්‍රස්ථා පෑදිමත්, දිලීර වැනි අනිකුත් ආසාදන වැඩිවීමටත් හේතුවිය හැකි වනවා.
ප්‍රයෝගිකව වඩාත් වැදගත් වන්නේ කිසියම් එක් සරල සබන් වර්ගයකට හුරුවීමයි. කිහිලි ආශි‍්‍රත අනිකුත් කාරණය “රෝම” යි. මෙම රෝම දහඩිය වාෂ්ප වීම අඩාල කරනා බැවින් ගඳ ඇතිවීමේ ඉඩකඩ වැඩි කරනවා. නිරන්තරයෙන් පිරිසිදු රේසරයක් මඟින් රෝම ඉවත් කිරීම දහඩිය ගඳ අඩු කිරීමට ඉවහල් වනවා.
වෙළඳපලේ ඇති ඩියොඩරන්ට් Deorderant වර්ගද එම ස්ථානවල ආම්ලික පරිසරයක් ඇති කර බැක්ටීරියා පැවැත්ම හා වර්ධනය බාල කරවනු ලබනවා. එමඟින් දුඟද ඇතිවීම අඩු කරනු ලබනවා.
මීට අමතරව වෛද්‍යවරුන් විසින් Botulinum නම් වූ උග්‍ර විෂ වර්ගයක් සැර බාලකර එන්නත් කිරිමෙන් දහඩිය ඇති කරන ස්නායු ක්‍රියාකාරීත්වය අඩු කර දමනවා.
කිහිලි හැරුණු කොට පොදුවේ ගත් කළ පහත සඳහන් ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකළ යුතු වෙනවා. දිනපතා ස්නානය හා ශරීරය පිරිසුදුව තබා ගැනීම, මඳ උණුසම් වතුරින් ශරීරය පිරිසිදු කිරීම හා උෂ්ණාධික දිනවල දහඩිය නිතර ඇතිවන නිසා නිතර පිරිසිදු වීමත් වැදගත් වනවා. ඒ වගේම ඇදුම් පැලදුම් තෝරා ගැනීමේදී කපු වැනි ස්වභාවික නූල් වලින් සෑදූ රෙදි භාවිතය දහඩිය උරා ගැනීම හා එමඟින් පිටතට වාෂ්ප කිරීම මැනවින් සිදුවනු ලබනවා.
කෘත්‍රිම රෙදි වර්ග මඟින් (නයිලෝන්, පොලියෙස්ටර්) දහඩිය උරා ගැනීමක් නිසි පරිදි සිදුනොවන නිසා දුඟද වැඩි වෙනවා. අප ගන්නා ආහාරත් දහඩිය දුඟද කෙරෙහි බලපානු ලබනවා. කුළුබඩු අධික ආහාර, මස් වර්ග අධිකව අනුභව කිරීමත් දහඩිය දුඟදට බලපානවා.
No comments:
Post a Comment