Wednesday, 14 August 2013

කොරියානු භාෂා අයදුම්පත‍්‍ර නිකුත් කිරීම හෙටින් අවසන්


කොරියානු භාෂා අයදුම්පත‍්‍ර නිකුත් කිරීම හෙටින් අවසන්
දකුණු කොරියාවේ රැකියා සඳහා ශි‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් බඳවා ගැනීම සඳහා පවත්වන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත‍්‍ර නිකුත් කිරීම හෙටින් (15) අවසන් වන බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පසුගිය 12 වනදා ආරම්භ වු අයදුම් පත‍්‍ර නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 22කදී පවත්වා තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවැසුවේ මේ වන විටත් අයදුම්පත් ලබානොගත් අය සිටී නම් හැකි ඉක්මණින් 15 වෙනිදා සවස 4.00 ට පෙර ලබා ගන්නා ලෙසයි. 15 වෙනිදා සවස 4.00න් පසු අයදුම් පත් නිකුත් කිරීම අවසන් කෙරෙන අතර, කිසිඳු හේතුවක් මත ඉන් පසුව අයදුම්පත‍්‍ර නිකුත් නොකරන බව ද දන්වා තිබේ.
කොරියානු රජයේ රැකියා හා කම්කරු අමාත්‍යංශය සහ විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පවත්වයි. මෙවර විභාගය මේ වසරේ ඔක්තොම්බර් 19 හා 20 දෙදින කොළඹ දී පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගයේදී තෝරාගනු ලබන්නේ නිශ්පාදන, ධීවර හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා පමණක් වන අතර අනෙකුත් රැකියා සඳහා තෝරා නොගනී. ඔක්තොම්බර් 19 හා 20 පවත්වන විභාගයේ ප‍්‍රතිඵල නොවැම්බර් 1 වෙනිදා www.slbfe.lk, www.eps.go.kr, www.hrdkorea.or.kr යන වෙබ් අඩවි මගින් ප‍්‍රකාශයට පත්කෙරේ.

No comments:

Post a Comment