Thursday 15 August 2013

අධිවේගය තම නිවස ලඟින්ම ගන්න මාතර බලවතෙක් සැරසේ


අධිවේගය තම නිවස ලඟින්ම ගන්න මාතර බලවතෙක් සැරසේ කොට්ටාව සිට පින්නදුව දක්වා ඇති දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා ඉදිකිරීමට යෝජිත දිගුවේ හිඟුරුපත්තල පළමු පිවිසුම හදිසියේ වෙනස් කිරීමට ගත් තීරණය පිළිබඳව ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප‍්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කර සිටිති.
හිඟුරුපත්තල පිවිසුම් මාර්ගය දේශපාලනඥයකුගේ වුවමනාව මත වළකන්ද, මුරුතගස්පිටිය දක්වා වෙනස් කර තිබෙන බව ඔවුහු කියති.
ජනාකීර්ණ ප‍්‍රදේශයකට සැලසුම් කළ පළමු පිවිසුම ඔහුට සිය නිවසේ සිට පහසුවෙන් අධිවේගී මාර්ගයට පිවිස කොළඹ දක්වා ගමනාගමනය කළ හැකි නිසා දුෂ්කර ගම්මානයකට රැුගෙනගොස් ඇතැයිද ඔවුහු සඳහන් කරති.
එම වෙනස් කිරීමට විරෝධය පළ කිරීම සඳහා මාතර දිස්ත‍්‍රික්කය පුරා පෝස්ටර්ද අලවා තිබේ. ඒවායෙහි සඳහන්ව ඇත්තේ හිඟුරුපත්තල අධිවේගී පිවිසුම ගමට අහිමිවේද? යනුවෙනි.
ඊට අමතරව ප‍්‍රදේශවාසීන් හා මහා සංඝරත්නය එක්ව ලබන 18 වැනි දින විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
ගුවන් සිතියම් හා ඡුායාරූපවලද මාතර මත්තල අධිවේගී මාර්ගයේ පළමු පිවිසුම ලෙස සලකුණු කර ඇත්තේ හිඟුරුපත්තල ප‍්‍රදේශයයි. අත්පත‍්‍රිකාවලද එය සඳහන් කර තිබුණි.

No comments:

Post a Comment