Thursday 15 August 2013

වයඹ ආණ්ඩුකාරයා හන්දිගානේ ඡන්ද හිඟාකයි


rajith-keerthi-thennekoon-28713
ආණ්ඩුකාර තනතුරේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කරන්නැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා වයඹ ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලයි.
තෙන්නකෝන් මහතා එසේ පැවසූවේ වයඹ පළාතේ මැතිවරණ කි‍්‍රයාවලිය පිළිබද තොරතුරු හෙළි කිරීමට හලාවත දී පසුගිදා පැවති කැෆේ සංවිධානයේ පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.
වයඹ ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා කුරුනෑගල එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ කාර්යාලය විවාත කිරීමේ අවස්ථාවට එක්වී ඇති බව සදහන් කරමින් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව පැවසීය

එහිදී අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා

වයඹ ආණ්ඩුකාර ගරු තිස්ස ආර් බලල්ල මැතිතුමාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙහෙයුම් කාර්යාල විවෘත කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්නට අවශ්‍ය නම් ඒ උත්තරීතර තනතුරෙන් ඉල්ලා අස්වෙලා නිල් පාට කමිසයක් දාගෙන ඒ වැඩේ කළාට කමක් නෑ. නමුත් පළාත් සභාව විසිරුවා හැර ඇති මොහොතක, ආණ්ඩුකාර ධූරය දරමින් වයඹ පළාතේ මහජන දේපල ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන මොහොතක හන්දි හන්දි ගානේ පක්‍ෂ කාර්යාලය විවෘත කරමින් යන්නට කිසිදු සදාචාරාත්මක හැකියාවක් ආණ්ඩුකාරවරයෙකුට තියෙන්නට බෑ. යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

‘කැෆේ සංවිධානය ලියන එකම ලිපියකට උත්තරයක් හෝ එවන්නට වෙළාවක් නැතිව පක්‍ෂ කාර්යාල විවෘත කරමින් හන්දි ගානේ යන වයඹ ආණ්ඩුකාරවරයාට අපි කියන්නේ ‘එක්කෝ ගෞරවනීය විදිහට රජයේ පරිපාලන රෙගුලාසිවලට අනුව ආණ්ඩුකාර ධූරය දරන්න. නැතිනම් ඉල්ලා අස්වෙලා කැමති පාටක තොප්පියකුත් දාගෙන පක්‍ෂ දේශපාලනය කරන්න’ කියලයි යැයි ද පැවසීය.

අද වයඹ පළාත් සභාවේ සම්පත් අමු අමුවේ මැතිවරණ කටයුතු සදහා යෙදා ගන්නවා. වාහන ටික, නිල නිවාස විතරක් නොවෙයි කැමරා ටිකක් ඒ සදහා යොදා ගන්නවා. අපි මේක් වලක්වන් කියලා ආණ්ඩුකාරතුමාට ලිපි ලියනවා. ඒ ලිපි ලැබුණා කියලා උත්තර එවන්නට වෙළාවක් නැති ගරු ආණ්ඩුකාරතුමා මෙන්න පක්‍ෂ කාර්යාල විවෘත කරන්නට යනවා. ආණ්ඩුකාරතුමා කාර්යාල විවෘත කරන්න යනකොට වයඹ රාජකීය විදුහල්පතිවරු දේශපාලනඥයින්ගේ කුස්සිවල ‘තිප්පිලි මාළු කපන්න’ යනවා. වයඹ පළාතේ හතලිස් දහසක් විතර වන රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුකාරවයාර දෙන ආදර්ශය මේකද? යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

No comments:

Post a Comment