ඒ ප්‍රධාන අවයවය මොළය යැයි මා කීවොත් ඔබ මා සමඟ එකඟ නොවනවා නොඅනුමානය.
ලිංගික අවශ්‍යතා ඇතිවීමේ සිට ඒ කාර්යය නිමවන තුරු ඊට ප්‍රධාන ලෙස බලපාන්නේ මනස පෙරටු කොටගත් මොළය බව ඔබ දන්නවාද?
ලිංගික හැඟීම් ඇතිවීම සහ ලිංගික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ම ස්වභාවික ය. එහි ඇති වැදගත්කම වර්ගයා බෝ කිරීමට නොවේ. ලිංගික සතුට තුළ මානසික සතුට මෙන් ම මානසික සමබරතාව ද තිබේ. එහෙත් ලිංගිකත්වය පිළිබඳ නිවැරැදි අවබෝධයන් සහ අධ්‍යාපනයක් නොතිබීම කනගාටුවට කරුණකි. ලිංගික ආශාවන් සහ රුචිකත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. එමෙන් ම ඔහුගේ හෝ ඇයගේ වයස, ශාරීරික සහ මානසික නිරෝගීභාවය, පරිසරය අනුව ද, ඒ අවශ්‍යතා වෙනස් වෙයි.
පොදුවේ ගත් කල පිරිමින් සහ ගැහැනුන් ලිංගිකත්වය පිළිබඳ දක්වන රුචිකත්වයේ වෙනසක් තිබේ. එබැවින් ඒ කාරණය තේරුම් ගැනීම වැදගත් ය.
ලිංගික හැඟීම් ඇතිවීම පැහැදිලි ලෙසම දැකගත හැකි වන්නේ වැඩිවියට පත්වීමට ආසන්න කාලයේ සිට ය. ඒ සඳහා බලපාන්නේ ඒ කාලයේ සිට ස්‍රාවය වන ලිංගික හෝමෝනයි.
පිරිමින්ගේ ස්‍රාවය වන්නේ ඇන්ඩ්‍රිජන් හෝමෝනයයි. ගැහැනුන්ගේ ඊස්ට්‍රජන් ය. ඒ දෙකම ලිංගික හෝමෝන වුව ද ඒ වායේ ක්‍රියාකාරිත්වය තරමක් වෙනස් ය.
ඒ වෙනස ගැහැනු සහ පිරිමින්ගේ ශාරීරිකව පමණක් නොව මානසිකව ද දැකගත හැකි ය. කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන්නේ තම රූප සොබාව ආරක්ෂාව, ආදරය, අවධානය දිනාගැනීම වැනි කරුණු කෙරෙහිය.
පිරිමින්ගේ රූප සොබාව කාන්තාවකට එතරම් වැදගත් සාධකයක් නොවේ.
පිරිමින්ගේ තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. පිරිමින්ට ලිංගික හැඟීම් ඇතිවීමට ගතවන්නේ තත්පර කීපයකි. පිරිමි ද ආදරය කරති. කැප කිරීම් කරති. බැඳීම් ඇති කර ගනිති. එහෙත් පිරිමි කාන්තාවන්ට වඩා ලිංගික අවශ්‍යතා පිළිබඳ වැඩි ඉක්මන්කමක් දක්වති.
අනෙක් කරුණ පිරිමින්ගේ ඒ හැඟීම් වයසත් සමඟ ඉක්මනින් වියැකී යන්නේ ද නැත. කොතරම් වයෝවෘද්ධ පිරිමියකුට වුව තම වර්ගයා බෝ කිරීමේ හැකියාව පවතී. එහෙත් වයසට යත්ම කාන්තාවන්ගේ ඒ හැකියාව නවතී. ආර්ථව චක්‍රය නැවතීමත් සමඟ කායික මෙන් ම මානසිකව ද කාන්තාව වයෝවෘද්ධ භාවයට පත්වෙති.
සමාජයක යහපත් පැවැත්ම සඳහා පවුල් ජීවිත සාර්ථක විය යුතු ය. ඕනෑම පවුල් ජීවිතයක සාර්ථකත්වය සඳහා ලිංගික සතුට ඉතාම වැදගත් සාධකයකි.
විවාහක දෙපළගේ ලිංගික ගැටලු විවාහ දිවිය අවුලෙන් අවුලට පත් කරන්නකි. දික්කසාදයෙන් පමණක් නොව දිවි තොර කරගැනීමෙන් එම ගැටලු නිමවන අවස්ථාව ද වේ.
පිරිමින්ගේ බෙලහීනත්වයට බලපාන කරුණු අතරින් සියයට 90 ක් ම මානසික වේ.
රුධිර පීඩනය අඩු හෝ වැඩිවීම දියවැඩියාව ඇතුළු ශාරීරික හේතු නිසාත් අප්‍රාණිකත්වය ඇති විය හැකි ය. මුලින් ම කළ යුත්තේ ශාරීරික හේතුවක් නැති බව විශේෂඥ වෛද්‍යවරයකු ලවා සැකහැර දැන ගැනීමයි.
බෙලහීනත්වයට බලපාන මානසික හේතු සමහරවිට ළදරු විය දක්වාම දිව යයි. සමහරවිට ඒවා ජීවිතයේ ආසන්න සමයෙ අත්දැකීම් විය හැකි ය.
යටි සිතට කිඳා බැස ඇති ඒ හේතු යටි හිත හාරා ඉවත් කරන තුරු නිසි පිළියමක් නොලැබේ.
කාන්තාවන් තුළ දක්නට ලැබෙන උදාසීනත්වයටත් ප්‍රධාන හේතුව මානසික හේතු වෙයි.
ළමා කාලයේ හෝ තරුණ වියේ සිතට ඇතුළු වන වැරදි මත යටි සිත තුළ තැන්පත්වී තිබී සංසර්ග අවස්ථාවේ ඒවා උඩු සිතට නැඟෙයි.
එවැනි මානසික හේතු සඳහා ඖෂධ නැත. යටි සිතට බලපාන ඒ හේතු යටි සිතෙන් ඉවත් කළ යුතු ය. ඉන්පසු සාමාන්‍ය පරිදි ප්‍රීතිමත් යුග දිවියක් ගත කළ හැකි ය.
ලිංගිකත්වයට බලපාන ප්‍රධාන ඉන්ද්‍රිය මනස පෙරටු කරගත් මොළය යැයි කීවේ එබැවිනි.
මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ
සායනික මෝහන වෛද්‍ය එච්.දමිත් හෙට්ටිආරච්චි
(සිළුමිණ)
No comments:
Post a Comment