Sunday 18 August 2013

මන්ත්‍රීලාගේ කැ‍රැට්‍ටුව හෙළිකරන වෙබ් අඩවියක්


Manthri.lk--පාර්ලිමේන්තු කටයුතුවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වන දායකත්වයන් සහ එහි ස්වභාවයන් පිළිබද මහජනතාවට සැබෑ අවබෝධයක් ලබාදීම සදහා www.manthri.lk ත්‍රෛභාෂා අන්තර්ජාල අඩවිය අගෝස්තු 23 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ - කමිටු ඩී. ශාලාවේ දී පැවැත්වෙන උත්සවයකදී සයිබර් අවකාශයට එකුතුවීමට නියමිතය.
Verité Research මගින් මෙම වෙබ් අඩවිය සදහා තොරතුරු රැස් කරන ලද අතර ඒ අනුව පසුගිය වසර පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන සේවය උදෙසා ලබා දුන් පාර්ලිමේන්තු දායකත්වය අගයමින් හැම මන්ත්‍රීවරයෙකු සදහාම ප්‍රගති වාර්තාවක් ද සකස් කර ඇත. එමගින් මහජන නියෝජිතයින් වශයෙන් පාර්ලිමේන්තු කටයුතු වලදී ඉහළ දායකත්වයක් ලබා දුන් මන්ත්‍රීවරුන් මෙන්ම සතුටුදායක මට්ටමක දායකත්වයක් ලබා නොදුන් මන්ත්‍රීවරුන්ද හදුනාගැනීමට මහජනතාවට ඉඩ කඩ සලසා ඇත.

www.manthri.lk ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විනිවිදභාවය පිණිස අසම සම මෙහෙයක් ඉටු කරනු ඇති බව එම වෙබ් අඩවිය මෙහෙයවන කණ්ඩායමේ අපේක්ෂාවයි.

No comments:

Post a Comment