Wednesday, 21 August 2013

'' ඕකා දන්නා ජන්ද කැන්ෆෙන් එකක් නෑ, ඔයාලට ඕන විදියට වැඩේ කරන්නයි. - දයාසිරි ජයසේකර


daya mahinda 410px 25-07-13‘රටම කැමති මහ ඇමති'  යන තේමා පාඨයෙන් යුතුව සැප්තැම්බර් 01 වන දා සිට රට පුරා ජාතික මට්ටමේ දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට දයාසිරි ජයසේකර මහතා සැලසුම් කර තිබුණ ද එම තේමා පාඨය වෙනස් කරන ලෙස ජනාධිපතිවරයා හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා හරහා දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය අනාවරණය කරයි.
දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයෙ හි  ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හිටපු නාවික හමුදාපතිවරයාය.

රටම කැමති නායකයා ජනාධිපතිවරයා හෙයින් මෙසේ දයාසිරිගේ මැතිවරණ ව්‍යාපාරයට එය නොයොදන්නැයි හිටපු නාවික හමුදාපතිවරයා, එම තේමා පාඨය සැකසූ උදය කුමාර සපුමල් බණ්ඩාර තෙන්නකෝන් මහතාට දැනුම් දී ඇත.

 දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රචාරක කටයුතු  මෙහෙයවනු ලබන්නේ උදය තෙන්නකෝන් මහතාය.

දයාසිරි හිටපු මන්ත්‍රීවරයා ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් උදය කුමාර තෙන්නකෝන් තේමා ගීතයක් ද (Jingle) සැලසුම් කර ඇති අතර එහි ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය අභිබවා යන හෝ සමානවන ආකාරයේ වචන එකී තේමා ගීතයෙන් ඉවත් කරන ලෙස ද හිටපු නාවික හමුදාපතිවරයා උදය කුමාර තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලා ඇත.

දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ කටයුතු හා ප්‍රචාරණ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ දයාසිරි මහතාගේ  සමීපතම හිතවතියක වන අචලා බෝගොල්ලාගම මහත්මිය විසින් බවද ප්‍රචාරක කටයුතු සඳහා වෙන්කර ඇති මුදල ඇති විශාල බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

 දයාසිරි ජයසේකර මහතාගේ ජාතික මැතිවරණ මෙහෙයුම සාකච්ජා කිරීමට අචලා බෝගොල්ලාගම මහත්මියගේ කොළඹ කින්සි පාරේ නිවසේ පැවති මුලික සාකච්ජාවට රජයේ හා පෞද්ගලක අංශයේ සියලු මාධ්‍ය ආයතනවල පාහේ ප්‍රධාන මට්ටමේ නිලධාරින් සහභාගිවී සිටි බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

ජනාධිපතිවරයා වෙනුවෙන් සහභාගී වූ හිටපු නාවික හමුදාපතිවරයා, ඉහත සඳහන් පරිදි විරෝධතා ගොනු කල අවස්ථාවේ දයාසිරි මහතාගේ නීතිඥ නියෝජිතයින් හා ප්‍රචාරක සම්බන්ධිකාරකයින් නොසන්සුන් වී ඇත.

රැස්වීමෙන් අනතුරුව,  '' ඕකා දන්නා ජන්ද  කැන්ෆෙන් එකක් නෑ, ඔයාලට ඕන විදියට වැඩේ කරන්නයි '' දයාසිරි මහතා එම  හිතමිතුරන්ට  පවසා තිබේ.

No comments:

Post a Comment