Thursday 15 August 2013

ඊශ‍්‍රායල් රැකියා ලබා දීමේදී කිසිඳු දේශපාලන අතපෙවීමක් නෑ

Dilan ishrayalශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් සඳහා ඊශ‍්‍රායල් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ රැකියා ඉදිරියේදී වැඩිවශයෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙන බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසැලේදී පැවති ඊශ‍්‍රායල් රැකියා සඳහා බඳවා ගත් තරුණ තරුණියන් විසිර යාමේ උත්සවයක් අමතමිනි. මෙහි නේවාසිකව ඊශ‍්‍රායල් රැකියා ලාභීන් 250 දෙනෙකු පුහුණු වන අතර ඊට අමතරව මින්නේරිය යුධ හමුදා පුහුණු පාසැලේ තවත් 226 ක් පුහුණුව ලබයි. රැකියා ලාභීන්ට දින 17ක් නේවාසිකව යුධ හමුදා නිළධාරීන් විසින් පුහුණුව ලබා දී තිබේ. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ”මීට පෙර ඊශ‍්‍රායල් රැකියා සඳහා ගිය ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් විශාල පිරිසක් නීති විරෝධීව වීසා බලපත් රහිතව එරට රැදී සිටීම හේතුවෙන් ගැටළු ඇතිවී තිබෙනවා. එනිසා අපට ලැබෙන රැකියා ප‍්‍රමාණයේ යම් කිසි අඩුවක් වෙන්න පුළුවන් බවයි.
ඒත් එරට රජය සම`ග සාකච්ඡා කර එම ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියා. ඒක නිසා අමාත්‍යවරයා මෙහිසී එහි සිටි අයගෙන් ඉල්ලා සිටින්නේ ඊශ‍්‍රායල් රැකියා සඳහා ගිය පසු එහිදී අපේ රටේ අභිමානය රැකගෙන කටයුතු කරන්න කියලා. රටවිරුවන් වන ඔබ විදේශයකදී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන් විදිහටයි වැඩ කරන්න ඕනේ. ඊශ‍්‍රායල් රැකියා ලැබෙන්නේ මාස 06කට පමණයි. හොඳින් වැඩ කළොත් තවත් මාස 06ක් හෝ අවුරුද්දක් එරට සේවය කරන්න පුළුවන්. මහන්සි වී වැඩ කලොත් මාසයකට රුපියල් ලක්‍ෂ එක හමාරක් දෙකක් අතර වැටුපක් ලබා ගන්න පුළුවන්. ඔබට එහේ හොඳින් වැඩ කරන්න යුධ හමුදාව ලබාදුන් මේ පුහුණුව ගොඩක් වැදගත් වෙයි කියලා තමා සිිතන බව අමාත්‍යවරයා පවසා සිටියේ.
ඊශ‍්‍රායල් රැකියා සඳහා තෝරා ගත් මෙම තරුණ පිරිසට හීබෲ භාෂාව, දුෂ්කර පරිසරයකදී වැඩ කිරීමට ශාරීරික හා මානසික යෝග්‍යතාව ඇති කිරීම හා යුධ හමුදා අභ්‍යාස පුහුණුවද ලබා දේ. මේ නිසා ඊශ‍්‍රායල් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා හොඳින් පුහුණුවලත් ශ‍්‍රමිකයින් යොමු කිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා. ඊශ‍්‍රායල් රැකියා සඳහා යොමු කරන ශ‍්‍රමිකයින් පුහුණු කිරීම සඳහා යුධ හමුදා පුහුණු පාසල් පමණක් යොදා ගැනේ. ඉදිරිය්දී මෙම පුහුණුව අනෙකුත් දිස්ති‍්‍රක්කවල පැවැත්වීමට අදහස් කරන බවද අමාත්‍යවරයා පවසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පවසා සිටියේ ”ඊශ‍්‍රායල් රැකියා ලබා දීමේදී කිසිඳු දේශපාලන අතපෙවීමක් වෙන්නේ නැති බවයි. ස්වාධීනව හා විනිවිදභාවයෙන් යුතුව ඔවුන් තෝරා ගන්නවා. දක්‍ෂ අයට හා සුදුසුකම් ඇති අයට පමණක් ඊශ‍්‍රායල් රැකියා ලැබෙනවා. ඒ වගේම ඊශ‍්‍රායල් රැකියා සඳහා යොමු කිරීමට ඇතැම් පිරිස් මුදල් වංචා කරන බැවින් එවැනි පිරිස් වලට හසු නොවන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. එවැනි දෙයක් වාර්ථා වුනොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වන්න. ඊශ‍්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමට බලය තියෙන්නේ තමාගේ අමාත්‍යංශය යටතේ තියෙන ශ‍්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගමටයි.”
මාදුරුඔය හා මින්නේරිය යුධ හමුදා පාසල්වල පුහුණුව ලබන පිරිස සඳහා යුධ හමුදාව විසින් ලබා දෙන පුහුණුව හා සහය ඉතා අගය කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා. මෙම අවස්ථාවට මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසැලේ උසස් නිළධාරීන් රැුසක් හා ඊශ‍්‍රායල් රැුකියා ලාභීන්ද එක්වී සිටියා.

No comments:

Post a Comment