Wednesday 14 August 2013

කුරුණෑගල මනාප සටන උග‍්‍රවේ

නිකවැරටිය සන්ධාන ආධාරකරුවෙකුගේ නිවසකට ප‍්‍රහාරයක්

කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ අපේක්‍ෂක කණ්ඩායම් දෙකක් අතර පවතින ප‍්‍රචණ්ඩකාරී මැතිවරණ ව්‍යාපාරය උත්සන්න කරමින් තවත් මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියාවක් ඊයේ (අගෝස්තු 14 දින* නිකවැරටියෙන් වාර්තා විය.
නිකවැරටිය, ජයන්ති මාවතේ පිහිටි එජනිස දයාසිරි, සාලින්ද, ජයරත්න හේරත් පාර්ශවයේ ඩබ්ලිව්. මුදියන්සේ  වන්නිනායක මහතාගේ නිවසට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.
මුදියන්සේ  වන්නිනායක මහතා පවසන්නේ, ”මම  මෙවර මැතිවරණයේදී දයාසිරි ජයසේකර, පියුමාල් හේරත්, මංජුලා දිසානායක ට උදව් කරනවා. ඊයේ පාන්දර දෙකට විතර වාහනයක් ඇවිත් අපේ ගේ ඉස්සරහා නවත්වලා මට එළියට එන්න කියලා කතා කළා. ඒ ආව පිරිස ගල් වලින් ගහලා ගෙදර ජනෙල් වල වීදුරු ඔක්කෝම බින්දා. මම දොර ඇරියේ නෑ. අපේ ආණ්ඩුවක් තිබුණත් අද අපි ඉන්නේ බයෙන්. අපි කැමති කෙනෙකුට ඡුන්දෙට වැඩ කරන්නවත් අපිට අයිතියක් නැද්ද?” යැයි පැවසීය.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්‍ෂක කණ්ඩායම් දෙකක් අතර ප‍්‍රචණ්ඩක‍්‍රියා කිහිපයක් ම කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇත.  අපේක්‍ෂිකා මංජුලි දිසානයක ගේ ආධාරකරුවෙකුට පහරදීම, දයාසිරි ජයසේකර ගේ කාර්යාලවලට පහරදීම ඒ අතර ප‍්‍රධාන වේ.
ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක ඇතු`ඵ කණ්ඩායමක් එක් පාර්ශවයක් ලෙස ද, අපේක්‍ෂක දයාසිරි ජයසේකර, පියුමාල් හේරත් සහ මංජුලා දිසානායක එක් පාර්ශයක් ලෙස ද මෙම ගැටුමට ප‍්‍රවිශ්ඨ වී සිටිති.
කැෆේ සංවිධානයේ නිරීක්‍ෂණය වන්නේ එකම කණ්ඩායමේ අපේක්‍ෂකයින් අතර ගැටුම් වර්ධනයක විය හැකි ප‍්‍රදේශ අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කය කෙරෙහි වැඩිම අවධානයක් යොමු විය යුතු බවයි.

No comments:

Post a Comment