Thursday 8 August 2013

කාම චිත‍්‍රපට සහ සැබෑ ලිංගික චර්යාව වෙනස් – කාම චිත‍්‍රපට නිළියක් කියයි

කාම චිත‍්‍රපට සහ සැබෑ ලිංගික චර්යාව වෙනස් – කාම චිත‍්‍රපට නිළියක් කියයි
කාමුක සිනමාපට වල දැක්වෙන ලිංගික චර්යාවන් සහ සැබෑ ලිංගික චර්යාවන් සැසඳිය නොහැකි බව කාමුක චිත‍්‍රපට කර්මාන්තයේ නියැලී සිටින නිරූපිකාවන් හෆ්පෝස්ට් සමග පැවති සම්මුඛ සාකච්ඡවකදී අනාවරණය කර තිබේ.
ජූසි පින්ක් බොක්ස් හි ප‍්‍රධාන නිලධාරී ජින්සි ලම්ප්කින් පවසා ඇත්තේ කාමුක සිනමා චර්යාවන් යනු කැමරාව ඉදිරියේ නිරූපණය කෙරෙන, සුවිශේෂී කෝණයන් භාවිතා කරමින් වීඩියෝගත කරනු ලබන සහ සංස්කරණය කෙරෙනු ලබන විෂයයක් බවයි.
එය සාමාන්‍ය චර්යාවේදී අනුගමනය කළහොත් ලිංගික චර්යාවේ තෘප්තිය සහ වින්දනාත්මක පාර්ශ්වය අහිමි වීමට ඉඩ ඇති බව ඇය පවසා ඇත.
මේ අතර සිනමා ලිංගිකත්වය යනු මුදල් ගෙවනු ලබන වෘත්තීයමය නිරූපණයක් බව කාමුක සිනමා නිලි නීනා හාට්ලි පවසා තිබේ.
ඇය පවසන්නේ එය ෆැන්ටසියක් මිස සැබෑ චර්යාවන් සඳහා මගපෙන්වීමක් හෝ අත්වැලක් නොවන බවයි.
සිරුර පිළිබඳ දැනගැනීම සඳහා විනෝදාස්වාදය සඳහා වන මාධ්‍යයක් භාවිතා කිරීමෙන් රටේ ලිංගික අධ්‍යාපනයේ මට්ටම කෙතරම් පහතදැයි පැහැදිලි වන බව නීනා හාට්ලි සඳහන් කර ඇත.
ලම්ප්කින් හා හාට්ලි දෙදෙනාම පවසා ඇත්තේ යම් ආකාරයකට පෙනීමට හෝ සිදුකිරීමට යාම වෙනුවට තමන්ට අනන්‍ය ආශාවන් සන්තර්පණය කරගැනීම වඩාත් සාර්ථක වනු ඇති බවයි.

No comments:

Post a Comment